කැලණි විහාරයේ බිතු සිතුවම් ඇඳීමෙන් ලොව පුරා ජනාදරයට පත් චිත්‍ර ශිල්පියකු වූ සොයිලිස් මෙන්ඩිස් මහතා වෙනුවෙන් අද (08) තැපැල් මූලස්ථානයේදී මුද්දරයක් නිකුත් කෙරිණි.
ඒ මහතාගේ නම බොහෝ දෙනා ව්‍යවහාර කරනුයේ සෝලියස් ලෙස වුවද, එය සොයිලියස් ලෙස හෝ සොයිලිස් ලෙස නිවැරදි විය යුතුය.
තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය නිකුත් කළ මෙම මුද්දරය රු. 15.00ක වටිනාකමකින් යුතුය.
මුද්දරය සඳහා සිතුවම නිර්මාණය කරන ලද්දේ පොත්පිටියගේ ඉසුරු චතුරංග විසිනි.
(ඡායාරූප - ගයාන් අමරසේකර )
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චිත්රශිල්පී සොයිලිස් මෙන්ඩිස් වෙනුවෙන් මුද්දරයක්
sirimal Tuesday, 08 October 2019 10:42 AM
අගේ කළයුතු කාලෝචිත වැඩක්...
max Tuesday, 08 October 2019 11:02 AM
ඉතාම වැදගත් පියවරක්. ජෝර්ජ් කීට්ලා හිස් මුදුනින් පිළිගත් අපට මේ සරල සාමාන්‍ය මනුස්සයා, විශිෂ්ට චිත්‍ර ශිල්පියා නිසි ඇගැයීමට ලක් කරන්න නොහැකි වුණා. ඒ අරුතිනුත් මෙය ඉතා හොඳ පියවරක්. ශිල්පී ඉසුරු චතුරංග මහතාටත්, තැපැල් දෙපාර්තමේන්තුවටත් ස්තුතියි.
Nandalal DE SILVA - France Tuesday, 08 October 2019 09:04 PM
මෙතරම් පමාවී හෝ මේ අති දක්ෂ ලෝ පරසිදු චිත්‍ර ශිල්පියාට උපහාර දැක්වීමට රජය තීරණය කිරීම ඉතාම උසස් දෙයකි. මෙවැනි ජනප්‍රිය කුසලතා ඇති විවිධ කලාකරුවන් තවත් රටපුරා සිටි. වසරකට කිහිප දෙනෙකුට මොනයම් ක්‍රමයකින් හෝ මෙවැනි සම්මාන පිරිනැමීමෙන් ඔවුන්ගේ කුසලතා එළිදැක්වීම ඔවුන්ට කරන ගෞරවයකි.
RaveendraWednesday, 09 October 2019 07:36 AM
ඇත්තෙන්ම ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. අවාසනාවකට අපේ දේශපාලුවන්ට තිබෙන්නේ රටේ පුරවැසියන්ගේ වටිනාකම්,, දක්ෂතාවයන් ගැන ඔවුන් පිලිබදව අනාගත පරපුරට වැඩදායි ලෙස කියාදීම නොව රටේ බලය අල්ලා ගැනීමකි. එමගින්ම පැහැදිලි වන්නේ කුමක්ද ?? අප රටේ "දේශපාලුවන් නියම අපතයන්, මුසලයන් " බව නොවේද ????
janki Wednesday, 09 October 2019 08:54 AM
මෙවැනි කලාකරුවන්ට සම්මාන පිරිනැමීම ඔවුන්ට කරන ගෞරවයක්.
sharm warn Thursday, 10 October 2019 04:10 AM
ඉහලින්ම අගය කරනවා එතුමාට දුන් ගෞරවයට ...