IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් නිම කළ 286 ක් විසිර යති

ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශය

 

ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් පාඨමාලාව හා පැරෂුට් පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ 286 දෙනෙකු විසිරයාමේ පෙළපාළියක් කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ දී පැවැත්විණි.

මෙම පාඨමාලාවන් සාර්ථකව හැදෑරු ත්‍රිවිධ හමුදා නිලධාරින්, විශේෂ කාර්ය බළකා නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් වෙත නිල ලාංජන පැළඳවීම සහ විසිරයාම සිදු කෙරිණි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විසිරයාම පැවැත්විණි.

ඉහත සඳහන් පුහුණු පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ ගුවන් හමුදා නිළධාරින්, නිලධාරිනියන්, ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් 228 දෙනෙකු, යුද හමුදාවේ නිළධාරින් හා සෙබලූන් 19 දෙනෙකු, නාවික හමුදා නිළධාරින් හා නැවියන් 19 දෙනෙකු, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් හා සෙබලූන් 20 ක් ඇතුළු ති‍්‍රවිධ හමුදා හා විශේෂ කාර්ය බළකා රණවිරුවන් 286 දෙනෙකු හට නිල ලාංඡන පැළඳවීම ගුවන් හමුදාපතිවරයා අතින් සිදුවිය.

ගුවන් හමුදා ඉතිහාසයට නව පිටුවක් පෙරලමින් ප‍්‍රථම වරට විශේෂ ගුවන් මෙහෙයුම් පාඨමාලාව සාර්ථකව අවසන් කළ නිළධාරිනියන් හා ගුවන් කාන්තාවන් පිරිසක් ද විසිර ගියහ. 

මෙම අවස්ථාවට සඳහා ගුවන් හමුදා මාණ්ඩලීක ප්‍රධානී, ගුවන් හමුදා මුලික කඳවුරේ අණදෙන නිලධාරී, ත්‍රිවිධ හමුදා, පොලිසිය, සෙසු නිලයන් ඇතුළු පාඨමාලාවෙන් විසිර යන රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වුහ.

(28535)



අදහස් (1)

ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් නිම කළ 286 ක් විසිර යති

sirimal Wednesday, 23 January 2019 11:08 AM

රට බාරයි ඔබට පුතේ. පුළුවන් නම් අරගන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site