IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ගුවන් හමුදා බලපන්ති සැරයන්ට අවසන් ගෞරව

ගංවතුරින් විපතට පත් වු පිරිස් බේරා ගැනීමේ කටයුතු වල නිරත වෙමින් සිටියදී නෙළුව දුවිලිඇල්ල ප‍්‍රදේශයේ දී හෙලිකොප්ටර් යානයේ කේබලය කඩා වැටීමෙන්  අනතුරට ලක්ව මියගිය ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ  බලපන්ති සැරයන්  වයි. එම්. එස්. යාපාරත්න මහතාගේ දේහයට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද(28) අවසන් ගෞරව දැක්වීය.

ඔහු ගුවන් හමුදාවට එක්ව ඇත්තේ 2001 ජනවාරි 19 වැනිදා වන අතර ඔහු බලලත් නිලධාරි වශයෙන්  උසස් කර තිබිණි.

 



අදහස් (18)

ගුවන් හමුදා බලපන්ති සැරයන්ට අවසන් ගෞරව

ජෝති Sunday, 28 May 2017 02:28 PM

ජීවිත රැසක් බේරා සැඩ ගංවතුරෙන්.. සහනය ලබාදුනි ගොඩබිම කරා එමින්.. ආදර දයා කරුණා ගුණ හද පතුලෙන්.. උත්තම මිනිස් ගති ‍පෙන්වු විිරපුතුන්.... කඳුලු රැසක මැදිවී සිතුවිලි අතරේ.. දහසක් වචන පරදයි තනි පිංතූරේ.. අවසන් වරට මගේ තුති ඔබටයි මිතුරේ.. නිවන් ලබා සැනසෙනු ඔබ සංසාරේ....

:       0       178

ප්‍රසාද් Sunday, 28 May 2017 02:29 PM

තවත් ජිවිතයක් බේරාගැනීමේදී ඔබේ වටිනා ජීවිතය විපතට පත්වීම ගැන ඉතාම කණගාටුයි. ඔබට නිවන් සුව ලැබේවා!

:       2       68

ATHULA Sunday, 28 May 2017 02:47 PM

හරිම කණගාටුදායක සිද්ධියක්.... ඔබට අපගේ ආචාරය !!!

:       0       21

chandana Sunday, 28 May 2017 02:48 PM

විරුවාණෙනි ඔබට නිවන් සුව !!!

:       0       23

aravinda Sunday, 28 May 2017 02:52 PM

මෙන්න නියම වීරයෙක්.... ඔබතුමාට නිවන් සුව ලැබේවා !!!

:       0       18

Chanak Los Angeles Sunday, 28 May 2017 06:11 PM

කේබල් එක කැඩුනේ කොහොමද?

:       1       5

Nimalka Perera Sunday, 28 May 2017 07:18 PM

ඔහු නියම වීරයෙකි ! තම ජීවිතය පරදුවට තබා වෙන අයෙක් වෙනුවෙන් දිවි පිදුවෙකි.අපි හැමෝම ඔහුට තුති පුදන අතර ඔහුගේ පවුලෙ අයගේ සුබ සිද්දියට කටුයුතු කිරීම අවශ්‍ය බව මගේ හැඟීමයි.

:       0       5

Ruwani Sunday, 28 May 2017 07:39 PM

නිවන් සුවය ලැබේවා ..කරුණාවෙන් ගුවන් හමුදා පති තුමාගේ ඉල්ලීමක් කරන්නේ ..මින්පසු ඔය කම්බි කඹ යුරෝපීය රටකින් ගන්න ..මෙවැනි අයුරින් සොල්දාදුවන් කීදෙනෙකු රටට අහිමි වුණාද ?

:       0       7

thissa Monday, 29 May 2017 12:09 AM

මගේ සොහොයුරාණනි ඔබ මතු නිවනින් නිවී සැනසේවා.....ගුවන් බලදරයනි මොහුගේ දරුවන් රැකගැනීම අප ගේ වගකීම වේ

:       0       8

kithsiri Monday, 29 May 2017 02:43 AM

ඔබට නිවන් සුව ලැබේවා!

:       0       5

p.d goonawardene Monday, 29 May 2017 03:02 AM

ඔබට නිවන් සුව ලැබේවා......

:       0       5

Darsha Monday, 29 May 2017 04:20 AM

විරුවාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා! අපට නම් බොහොම කණගාටුයි මේ ගැන..

:       0       2

yaha Monday, 29 May 2017 04:58 AM

අපේ රටේ තියෙන අවුල තමා ප්‍රමිතිය ගැන සැලකිල්ල අඩුකම සහ එය නඩත්තු කරගෙන යාමට ඇති ඉඩ අවම වීම... වැඩේ කොහොම හරි වෙනවා නම් හරි කියන තැන තමා ඉන්නේ.... අපේ රටේ ප්‍රමිතිය ගැන මීට වඩා සැලකිලිමත් වුණානම් මේ වගේ අනතුරු අවම වෙනවා..........

:       3       4

sunil perera Monday, 29 May 2017 04:59 AM

කේබල් එකේ ප්‍රමිතිය ගුවන් හමුදාවට උචිත ලෙස නොතිබීම, එය අපරික්ෂාකාරී අන්දමින් යෙදවීම, නිසි පරිපාලනයක් නොමැති වීම ආදී නොයෙක් වළක්වා ගත හැකිව තිබූ කටයුතු නිසිලෙස කළමනාකරණය නොකිරීමේ වරදට මෙම ගුවන් සෙබළාගේ වටිනා ජීවිතයත්, ඔහුගේ පවුලේ අනාගතය සම්පුර්ණයෙන් කඩා වැටීම බටහිර රටක හෝ බුද්ධිමත් සමාජයකදී සිදුවූවා නම් මෙයට වන්දි වශයෙන් මිලියන ගණනින් මේ ආයතනයට විශාල මුදලක් ගෙවීමට සිදුවනු ඇති... අපේ රටේ උෟව පවුලේ සාමාජිකයන් විසින් නඩුවක් ගොනුකළොත් එයට නිසි වන්දිය ලබාගැනීමට හැකිවනු ඇති.

:       0       2

fairoos Monday, 29 May 2017 06:34 AM

මෙන්න නියම වීරයෙක්.... ඔබතුමාට නිවන් සුව ලැබේවා !!!

:       0       2

kulatilake Monday, 29 May 2017 06:55 AM

සංසාරෙන් එතෙරව නිවන් ලබා සැනසෙන්න ....නිබ්බාණං පරමං සුඛං..

:       0       2

arschfikaa Monday, 29 May 2017 08:21 AM

ඇත්තටම සැබෑ වීරයෙක් මැරුණාට පස්සේ නිකන් ගිහිල්ල දුක අහලා වැඩක් තියෙයිද?

:       0       1

zifaz Monday, 29 May 2017 09:54 AM

ජාතික වීරයෙක්... මගේ උත්තමාචාරය ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 293 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 780 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site