IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ගුවන් හමුදාව ගොයම් කපන්න කුඹුරට බසියි


(යොහාන් භාසුර)
මෙරවැව, කනුගහවැව සහ අම්පාර ප්‍රදේශවල අඩු ආදායම් ලාභී ගොවි පවුල්වල මෙම කන්නයේ ගොයම් අස්වැන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බහුකාර්ය ගොයම් කැපීමේ යන්ත්‍රවලින් නොමිලයේ නෙළාදීමේ ව්‍යාපෘතියක් ගුවන් හමුදාව ආරම්භ කර තිබේ.
එහි පළමු පියවර යටතේ මෙරවැව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 31 ක් තෝරාගත් බවත් එහිදී එක් පවුලක අක්කර තුන බැගින් අක්කර 93 ක අස්වැන්න නෙළා දෙන බවත් ගුවන් හමුදාව කියයි.
මෙම ව්‍යාපෘතිය මගින් එක ගොවි පවුලකට රුපියල් 30,000 සහනයක් ලැබෙන බවත් එහි දෙවැනි සහ තෙවැනි අදියර කනුගහවැව සහ අම්පාර යන ප්‍රදේශවල ක්‍රියාත්මක කරන බවත් ගුවන් හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.  
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ගොවි ජනතාවගේ ආදායම ඉහළ දැමීමේ වැඩසටහන ඉදිරියට ගෙන යමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. 

 



අදහස් (1)

ගුවන් හමුදාව ගොයම් කපන්න කුඹුරට බසියි

Bandara Wednesday, 16 February 2022 04:58 PM

ඉතාමත්ම හොඳ ක්‍රියාවක්. පක්ෂ භේදයකින් තොරව මෙම කාර්යය කළ යුතුයි. මෙලෙසම ගොඩ ඉඩම් වගාවේ දී මෙන් ම කුඹුරු වල සී සෑමේ කටයුතු වල්දී ද ට්‍රැක්ටර් භාවිතයෙන් ඔවුන්ගේ මූලික කටයුතු නිම කර දීමට පුළුවන් නම් එයද ඉතාම හොඳ පිටුවහලක් වේවි. හැබැයි ගොවියන් තෝරාගැනීමේ නිසි ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 665 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17751 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site