IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගුවන් හමුදාවට තවත් ඩ්‍රෝන යානා දෙකක්

(ළහිරු හර්ෂණ)

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවන් හිදි ගුවනින් නිරීක්ෂණ කිරිමට යොදා ගත හැකි ඩ්‍රෝන යානා 2ක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා විසින්  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා වෙත නිළ වශයෙන් බාරදිම අද (18) ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ දී සිදුවිය.

බස්නාහිර පළාත තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය කිරිම හා ඩෙංගු මදුරුවන් විනාශ කිරිමට දියර ඉසිම මෙන්ම සඳහා මෙම ඩ්‍රෝන යානා භාවිතයට ගත හැකිය.

මෙම ඩ්‍රෝන යානා සමගින් පරිසර හානිය, වනාන්තර විනාශය, කැළෑ කැපීම් සම්බන්දව නිරික්ෂණ කිරිමටද හැකියාව පවතී.

මෙම අවස්ථාව සදහා බස්නාහිර පළාත් ප‍්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය රිටෙල් පෞද්ගලික ආයතනයේ විධායක අධ්‍යක්ෂක චාදු සුමතිපාල මහතා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් පී සෝමසිරි මහතා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය හා තවත් ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.



අදහස් (4)

ගුවන් හමුදාවට තවත් ඩ්‍රෝන යානා දෙකක්

NM Thursday, 18 February 2021 02:41 PM

මෙම ඩ්‍රෝන යානා සමගින් පරිසර හානිය, වනාන්තර විනාශය, කැලෑ කැපීම් සම්බන්ධව නිරීක්ෂණ කිරීමට යොදා ගැනීම කළයුතුම දෙයකි.. කැලෑ පාලුවන්ට දියයුතුම දඬුවම මරණීය දණ්ඩනයට සමාන විය යුතුම වේ.

:       2       32

NuwanFriday, 19 February 2021 10:04 AM

බොහෝ වෙලාවට කැලැපාලුවන්ට ඔත්තු සපයන්න භාවිතා වේවිද දන්නේ නැහැ. මොකද තාම අල්ලපු කැලැපාලුවෙක් නැහැ ඩෝසර් හැරෙන්න. අන්තිමට කැලෑ සහ රාජ සභා මණ්ඩප කපලා තියෙන්නේ ඩෝසර් යන්ත්‍ර...

:       1       12

Nuwan Friday, 19 February 2021 10:01 AM

යුක්රේන් වලින් නෙමේ නේද ගෙනාවේ?

:       3       7

Ruhunu Saturday, 20 February 2021 01:07 PM

තව ටික දවසක් යනකොට ලංකාවේ ඩ්‍රෝන යානා යොදාගෙන හොඳ ගස් බලලා තමයි ගස් කපන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 164 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site