IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගලේවෙලට උග්‍ර ජල හිඟයක්

(කාංචන කුමාර ආරියදාස )
 
ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක විශාල පිරිසක් උග්‍ර ජල හිඟයකට මුහුණපා සිටිති .දේවහුව බබරගස්වැව .මොරගොල්ල ,කිනමිටියාය .ආදී කෘෂිකාර්මික ප්‍රදේශ කීපයක මෙම ජල හිඟය පවතී.

ප්‍රදේශවාසීන් පැවසුවේ ළිංවල ජලය සිඳි ඇති බවත් ළිං කිහිපයක පමණක් පතුලේ ජලය ස්වල්පයක් ඇති බවත් ය.පොදු නල ළිං අබලන්වී ඇති බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති .

වැව් සිදීයාම නිසා ගොවිතැන් කිරීමට නොහැකිව කුඹුරු පුරන් වී ඇතැයි ද කියැවේ.ප්‍රදේශයේ එකම පානීය ජලසම්පත බව කියන පානිය ජල ව්‍යාපෘතිය අක්‍රීයව ඇත.

එමෙන්ම සිය ගොවිතැන් කටයුතු අඩපණ වීමෙන් ගොවින්  හා කුලී වැඩ වලින් ජිවත්වන පවුල්වල සාමාජිකයෝ ආහාර අර්බුදයකටද මුහුණපා සිටිති.මෙතෙක් කිසිදු බලධාරියකු මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ බව ඔවුහු කියති .



අදහස් (3)

ගලේවෙලට උග්‍ර ජල හිඟයක්

sarath Sunday, 02 July 2017 09:17 AM

ගොවිසෙත ලොතරැයිය තියෙන්නේ ගොවියන්ට සහන සලසන්න නේද? එහෙම නැතිව ඇමතිවරුන්ට ඩිෆෙන්ඩර් ගන්න නෙවෙයිනේ නේද?

:       0       212

nimal rajapaksha Sunday, 02 July 2017 12:22 PM

පරිසරයට කල හානියට ආණ්ඩු මොනවා කරන්නද? ඕක තමා නිතරම කියන්නේ පරිසරය රැක ගනිමු කියලා. නමුත් දැන් වතුර නැහැ කියලා කෑ ගහනවා. අපේ රටේ තරම් ජලය අපතේ යවන ලෝකයේ එකම රටක් වත් නැතුව ඇති... සෑම ආණ්ඩුවක්ම කියන්නේ, ජනතාවට ජලය අරපරිස්සමෙන් පරිභෝජනය කරන්න කියලා. නමුත් අපි මොකද කරන්නේ... කියලා හිතන්න.

:       205       15

ar5schfikaa Sunday, 02 July 2017 02:17 PM

වතුර නැත්නම් ඉතින් මොනවා කරන්නද? වතුර නැතත් ඒකට වෙන වැඩපිළිවෙළක් කරන්නම ඕනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1556 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site