
චමිල් රුපසිංහ
ගල්ගමුව දිගන නිවාස බිද දමා වගාවන් වලට හානි සිදු කල “ ගල්ගමුවේ තනි දළයා “ අද (16) දහවල් අල්ලා ගැනීමට හැකි වු බව වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ බස්නාහිර හා වයඹ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිවු.ඒ.ඩී.යු. ඉන්ද්‍රජිත් මහතා පවසයි.
“ ගල්ගමුවේ තනි දළයා “ විසින් ප්‍රදේශයේ නිවාස බිද දැමීම් වගාවන් වලට හානි කිරීම් ආදි කටයුතු සිදුකරණ බැවින් ජනතාවගේ හා අලියාගේ ආරක්ෂාව පිනිස වනජීවී හා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පේරේරා මහතාගේ උපදෙස් මත මෙම අලියා අල්ලා හොරොවුපතාන අලි රැදවුම් මධ්‍යස්ථානය ට මුදා හැරීමට නියමිත බවද ඔහු සදහන් කලේය.
අලියා අල්ලා බැද දමා ඇති වුවත් එම අලියා සමග සිටින තවත් අලි දෙදෙනෙක් ඒ අවට සැරි සැරීම නිසා අලියා අල්ලා ගැනිම සදහා එම අලීන්ට කිසිදු කරදරයක් නොකර එළවා දමන්නට සිදුවු බවත් මේ වන විටද එම අලි දෙදෙනාගෙන් වනජීවී නලධාරින්ට එම අලීන් දෙදෙනා එලාවා දැමීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවි ඇති බවද ඔවුන් පවසයි.
මෙම මෙහෙයුම සදහා වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ බස්නාහිර හා වයඹ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිවු.ඒ.ඩී.යු. ඉන්ද්‍රජිත්,ගල්ගමුව අඩවි ආරක්ෂක එම්.රෝහිත, අනුරාධපුර අඩවි ආරක්ෂක දසනායක,වනජීවි දෙපාර්තුමේන්තු අනුරාධපුර පශු වෛද්‍ය කාර්‍යාලයේ පශු වෛද්‍ය ඉසුරු හා චන්දන, වනජීවී දෙපාර්තුමේන්තු අනුරාධපුර කාර්‍යාලයේ චමිල් ප්‍රසාද් ධර්මදාස හා අනුරාධපුර හා වයඹ කාර්‍යාල වල නිලධාරින් මෙම මෙහෙයුමට සහභාගි විය.


2025 දෙසැම්බර් මස 18
100
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්ගමුවේ තනි දළයා, වනජීවියෙන් අල්ලයි
sam Saturday, 16 December 2017 10:12 AM
මහාමාර්ග, වාරිමාර්ග ලෙස පැවති යුගයේ විදුලිබල, මහාමාර්ග සහ වාරිමාර්ග සියල්ලම එකම ඇමතිතුමෙක් යටතේ එක අමාත්‍යාංශයක් ලෙස පැවතුණත්, වනජීවී සහ බුද්ධ ශාසන අමාත්‍යාංශ දෙකම එක ඇමැතිතුමෙකුට පැවරීම කොතරම් ප්‍රායෝගිකද? 'සියලු සත්වයෝ නිදුක් වෙත්වා' කියලා වනජීවී ඇමතිතුමා කියන්නේ වල් අලි නිදුක් වෙත්වා කියලද? එහෙම නැතිනම් වල් අලින්ගෙන් හිරිහැර වෙන ගම්වාසීන් නිදුක් වෙත්වා කියලද?
Bamunuarachchi Saturday, 16 December 2017 01:48 PM
පාර්ලිමේන්තුවේත් ඉන්න, අර කොල්වින් ලා ඒ කාලේ වගේ අලි ටික අල්ලා බර්මියුඩා ත්‍රිකෝණයට ගොස් දැමුවා නේද? කැලේ අලි බිඳින්නේ ගෙවල්... මේ පාර්ලිමේන්තු අලි බිඳින්නේ බැංකු.