IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ග්‍රාම ශක්ති වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ආසිරිගමදී

(කාංචන කුමාර ආරියදාස)

ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ග්‍රාම ශක්ති සංවර්ධන   වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආසිරිගම මුල්කරගෙන ආරම්භ කෙරිණි.

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ පවුල් 300ක් පමණ ජීවත් වන මෙම ගම්මානයේ පොදු යටිතල පහසුකම් නොමැති වීම නිසා  ග්‍රාම ශක්ති වැඩසටහන  යටතේ මෙම ගම සංවර්ධනය කිරීම මෙහි අරමුණ වී තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය ගම්මානයේ පැවති ප්‍රධාන ප්‍රශ්න සහ ගැටලු  ප්‍රදේශවාසිහු  ඉදිරිපත් කරන්නට වූහ. එහිදී වැව් තුනක් පිළිසකර කිරීම ,මාර්ග පිළිසකර කිරීම ,අලුත් ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම පාසලේ ගොඩනැගිලි ඉදිකිරීම මෙන්ම නිවාස 56ක් අලුතින් ඉදි කිරීම , වැසිකිළි නොමැති පවුල් 101ක් සඳහා වැසිකිළි ඉදිකිරීම ආදී සියලු යටිතල පහසුකම් ගම්මානයට ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

 

වැව් පිළිසකර කිරීම සහ මාර්ග පිළිසකර කිරීම යුදහමුදාවට බාරදුන් අතර මෙම ගම්මානයේ වැසිකිළි පහසුකම් ඉදිකිරීම් ලබාදීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කණ්ඩායමට බාරදීම සිදු කෙරිණි.

ප්‍රජා ශාලා ඉදි කිරීම සඳහා සඳහා මූල්‍ය චෙක්පත් ලබාදීම ද ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.

මෙහිදී හොරිවිල පාරම්පරික වෛද්‍ය ශාන්ත සෙනෙවිරත්න මහතා රන්  ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ජනාධිපතිවරයා හරහා ආසිරිගම පුරාණ විහාරස්ථානයට පූජා කිරීමද සිදුකෙරිණි.

 

 

 



අදහස් (0)

ග්‍රාම ශක්ති වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ආසිරිගමදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1698 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site