IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘ගෝඨා‘ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේය.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ විශේෂ ආශිර්වාදය ලබා ගත් ගෝඨාභය මහතා වෙනුවෙන් මහා සංඝරත්නය විසින්   ජයශ්‍රි මහා බෝධීන් වහන්සේ පරිශ්‍රයේ පැවැත්වූ  සෙත් පිරිතකද සහභාගී වුවේය.

 විපක්ෂනායක මහින්ද රාජපක්‍ෂ , ශිරන්ති රාජපක්‍ෂ , අනෝමා රාජපක්‍ යන මහත්ම මහත්මීන් ඇතුළු රාජපක්‍ෂ පවුලේ ඥාතීන් ද විපක්ෂයේ  පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුන්‌ පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
 
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා 



අදහස් (17)

‘ගෝඨා‘ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනී

Bul Tuesday, 13 August 2019 06:10 AM

ජය ශ්‍රී !!!!! ආර්යාවක් වීම සඳහා සියලු සුදුසුකම් ඇති, එහෙත් ආර්යාවක් නොවූ, ඉතා නිහතමානී වැදගත් බිරිඳක්ද ඔහුට ඇත..

:       516       614

max Tuesday, 13 August 2019 06:24 AM

රටම එක පෙලට. මැතිදුනි ඔබට ජය.

:       416       466

athuraTuesday, 13 August 2019 08:42 AM

රටම නෙමෙයි කට්ටියක්.

:       527       439

මෝඩ වෙන්න එපා Tuesday, 13 August 2019 08:19 AM

උතුර, නැගෙනහිර, උතුරු මැද, වයඹ හා මධ්‍යම පළාත් වල මිනිස්සු සංවර්දනය ගැන ඇති බලාපොරොත්තු නැති කර ගන්න. ඔබට අධිවේග මාර්ග, නව දුම්රිය මාර්ග යනු සිහිනයක් පමණක් වනු ඇත. සංවර්දනය දකුණට පමණක් වනු ඇත.

:       314       248

අමල් මහනුවර සිට Tuesday, 13 August 2019 09:04 AM

අනිවාර්යෙන්, මාතර හම්බන්තොට අධිවේග මාර්ගයට වඩා කඩවත කුරුණෑගල අධිවේග මාර්ගය වැඩි ජනතා ප්‍රමාණයකට ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක් උනත් රාජපක්ෂ පව්ලේ අය 2014 දී මුලින්ම තමන්ට ප්‍රයෝජන ලැබෙන මාතර හම්බන්තොට අදිවේගයට ගිවිසුම් ගසා මුදල් වෙන් කර , මිනිස්සුන්ට බොරුවට පෙනෙන්න කඩවත දඹුල්ල අදිවේග මාර්ගයට මුල්ගල් තිබ්බ මුදල් වෙන් නොකරම. මිනිසුනේ මෝඩ වෙන්න එපා.

:       40       96

pawanTuesday, 13 August 2019 10:28 AM

අමල් හරියට හරි. ඔයා නම් යන්න එපා දක්ෂිණ අධිවේගී මාර්ගයේ. දක්ෂිණ අධිවේගී ව්‍යාපෘතියේ සක්‍යතා අද්‍යන වාර්තාව නිකුත්කලේ මොන කාලේද කියල හොයල බලන්න. මේක හැදුවේ මැදමුලනේ ඉඳලා ඇඹුල් තියල් ගෙන්න නේ.

:       57       36

Thilina Tuesday, 13 August 2019 03:16 PM

ඉතින් මොලේ තියෙන ඔයාට බැරි වුනාද පහුගිය අවුරුදු 4 1/2 තිස්සේ ඔයාගේ ආණ්ඩුවට කියලා රට පුරාම ඔය කියන පාරවල් ටික හදාගන්න. එතකොට ගෝඨාභය ආවහම ආපහු හයිවේ හැදෙයි කියලා නොකියා කියනවා නේ

:       2       11

sirimal Tuesday, 13 August 2019 08:45 AM

මීට කලින් කීවතාවක් අනුරාධපුර වන්දනාවේ ගිහිල්ල තියෙනවද අපේ මහත්තයෝ ?

:       5       190

රොමේෂ් Tuesday, 13 August 2019 08:53 AM

තිරුපති යන්නේ කවදද මහත්තයෝ?

:       3       38

lalithm Tuesday, 13 August 2019 08:55 AM

එත් ඇමෙරිකානු පුරවැසියෙක්. වීරවංශට ඒක තේරුනේ නැත්තේ මොකද මන්ද ආයිබෝවන්. සද්දෙකුත් නැහැ.

:       30       73

ධනුෂ්කTuesday, 13 August 2019 03:53 PM

අැත්තටම... වංශ මහත්තයා පහුගිය දවස්වල අැමරිකන් බඩු එපා කියලා පෝස්ටර් ගැහුවා නේද?

:       0       2

ප්‍රීති Tuesday, 13 August 2019 10:09 AM

ආගම ධර්මයට මෙතරම් නැඹුරු දේශපාලකයින් සිටින ලෝකයේ එකම රට. හීනෙන් වත් වරදක් නොකරන ධර්මානුකුලවම රට පාලනය කල දේශපාලකයින් සිටින නිසා, ලංකාවේ ජීවත් වෙන අපට දිව්‍ය ලෝකයේ හෝ ස්වර්ගයේ ජීවත් වෙනවා වගේ හැගීමක් තමයි අපට දැනෙන්නේ. ඒ තුලින් ඔවුන් මේ ගතකරන ධාර්මික ජීවිතයට වඩා අස්වැසිල්ලක් සිදුවේවි.සියලු යස ඉසුරින් පිරි ඉතාම සුන්දර ජීවිත ගත කරන පින්වත් ජනතාවක් වෙසෙන රටකට මෙවැනි පාලකයින් හතු පිපෙනසේ බිහිවේවා යයි පතමි!!

:       0       88

රටවැසියා Tuesday, 13 August 2019 02:19 PM

ලෝකේ කිසිම ශිෂ්ඨ සම්පන්න ජාතියක් මහජන මුදල් හොරා කෑ බවට අධිකරණයේ නඩුපිටනඩු ඇති හොරෙකුට ජනාධිපති වෙන්න යෝජනා කරනවා තියා කිසිම සභාවකට වැද්දගන්නේ නැහැ. බත් කන හරක්ට හොඳයි.

:       74       125

ruchiTuesday, 13 August 2019 04:43 PM

පැමිණිල්ලක් පමණයි. ඔප්පුවෙලා නැහැ ඒ නිසා හොරෙක් කියන්න බැහැ. මේ අය පට්ට හොරුනේ. නිදන් හෑරුවා. මහබැංකුව සුද්ද කළා. තව ගොඩාක් දේවල්.... ඇයි මෙච්චර තරහා රාජපක්ෂ පවුල සමග...?

:       2       10

ruchi Tuesday, 13 August 2019 04:36 PM

ක්‍රමය හොඳයි. මල්වතු, අස්ගිරි යන්නේ නැතිව අනුරාධපුරයට ආවා එක ඉතා වටිනවා. වෙනසක්...!

:       1       5

Api Tuesday, 13 August 2019 05:02 PM

සිහි විකලෙන් දමන සමහර වදන් රටට කියන්නට හදන්නේ කුමක්ද? යන්න හොඳින් වටහා ගැනීමට අපට පුළුවනි. එය පැහැදිලිවම මුදල් යෙදවූ විරුද්ධ වැඩපිළිවෙලකි. ගෝඨා ඔබට ජය නියත බව ඉන් පසක් වේ.

:       0       5

purawasiyaa Tuesday, 13 August 2019 10:27 PM

ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ආර්යාවන් වීමට සිහින මවන සියලු දෙනාගේ සිහින බොඳ කරමින් උගත්, ප්‍රබල කාන්තාවක් (අලුත් මුහුණක්) රට වෙනුවෙන් ඉදිරිපත් වීමට සුදානමින් සිටින බව දන්වා සිටිමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site