(රේඛා තරංගනී ෆොන්සේකා)
තරුණ ගුවන් සේවා ලෝලීන් අතර දැනුවත්භාවය හා උද්යෝගය ඇති කිරීමේ අරමුණින් 1937 දශකයේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ අදහසකට අනුව ඇරඹි කොළඹ පියාසර සමාජය (THE COLOMBO FLYING CLUB) වසර තිස් පහකට පසු නැවතත් අද (31) ආරම්භ කෙරිණි. ඒ නිමිත්තෙන් කුඩා ගුවන් රථ ප්‍රදර්ශනයක්ද ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ගුවන් තොටුපලේදි පැවැත්විණි.
මෙම සමාජය ශ්‍රී ලංකාව නියෝජනය කළ (ලාංකික) හිටපු ජාත්‍යන්තර ගුවන් නියමුවන් විසින් නැවත බල ගැන්වීම මෙන්ම ප්‍රදර්ශනයට තබා තිබූ බොහොමයක් කුඩා ගුවන් ආකෘති සංගමයේ සාමාජිකයන් විසින්ම නිර්මාණය කිරීම විශේෂත්වයකි.
කොළඹ පියාසර සමාජය 1937 දශකයේ සිට තරුණ තරුණියන් මෙන්ම ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන වෘත්තිකයන් අතර පියාසර කිරීම පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරමින් පැවතුනද රටේ ඇතිවූ ඊළාම් යුද්ධය හේතුවෙන් එකේ සංගමයේ කටයුතු වසර 35 ක් ම අකර්මණ්‍යව පැවති ඇත.
මෙම ප්‍රදර්ශනයට කුඩා ගුවන් යානා ආකෘති පනහකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රදර්ශනයට තබා තිබූ අතර ගුවන් යානා ලෝලීන් විශාල සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටියහ.
මෙකී ප්‍රදර්ශනයට තබා තිබූ ගුවන් යානා ආකෘති ගුවන් ගත කිරීම ද සිදුකෙරුණු අතර මෙය තව තවත් රටපුරා ප්‍රදර්ශනය කරමින් ගුවන් ලෝලින් තුළ ඇති උනන්දුව වැඩි කිරිමට ඇති ඉඩකඩ සොයා බලන බව එහිදී ගුවන් සේවා අමාත්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මෙම අවස්ථාවට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කැප්ටන් තේමිය අභයවික්‍රම මහතාද රත්මලාන ගුවන් තොටුපලේ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතාද, කොළඹ පියාසර සමාජයේ සභාපති කැප්ටන් චිරානන්ද ප්‍රනාන්දු මහතාද උප සභාපති කැප්ටන් අනිල් ජයසිංහ මහතා ද එක්ව සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොළඹ පියාසර සාමාජය යළි පණගන්වයි
gamini Monday, 01 February 2021 04:19 AM
මෙම සමාජය 1937ට පසුව පටන් ගත්තේ රේ විජයවර්ධන මහතා විසින් 90 දශකයේ මුල් කාලයේදී... නමුත් එය ඇණහිටියේ යුද්ධය නිසායි. ප්‍රසන්න රණතුංගලාගේ නම් ඉදිරියට දාගෙන ආවාට, ඒ ගොල්ලොන්ගෙ කාලයේදී මේවාට නිසි උදව්වක් රජයෙන් ලබුණේ නැත.