(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 21 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී අද (20) ආරම්භ කෙරිණි.
මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ විශේෂ නියෝජිත ඩී.සී. මන්ජුනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොත් ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා, ලේකම් සමන්ත ඉන්දීවර යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි
max Friday, 20 September 2019 11:54 AM
පොතපත පරිශීලනය කරමින්, දැනුම්වත් වෙමින්, රටට වැඩදායි දේශප්‍රේමී රටවැසියන් වීමට කාට කාටත් මෙම පොත් ප්‍රදර්ශනය ඉවහල් වේවා.
Rufus Randeniya Saturday, 21 September 2019 04:23 PM
අතිශයින් ජනප්‍රියවී තිබෙන ' බයිබලීය තෙමා' ග්‍රන්ථය මට සොයා ගන්ට බැරිවිය.
Uditha - London Monday, 23 September 2019 08:37 AM
මෙවැනි දේවල් නිරන්තරයෙන් කරන්න ඕනෑ.. පොත් විකුණන්න මොබයිල් යුනිටි එකක් විදිහට පාසල්වලට යන්න පුලුවන් නම් තවත් හොඳයි. අද තරුණ පරම්පරාව කියවීම කියන තැන ඇත්තේම නැති තරම්.. කණගාටුවට කරුණක් ඒක... දරුවන් සාහිත්‍ය රසය දන්නේ නැහැ.. සෞන්දර්ය දන්නේ නැහැ.. පාරට බැහැලා දරුවන්ගෙන් අහන්න නන්දා මාලනි ගැන දන්නවද කියලා...? අනගාරික ධර්මපාල තුමා දන්නවද අහන්න. මහගම සේකර දන්නවද අහන්න. සිදත් සඟරාව, සද්ධර්ම රත්නාවලිය, සැළලිහිණි සංදේශය දන්නවද අහන්න... කියන්න දුකයි තරුණ පරම්පරාව face Book එකට කාලය දිය කරනවා මිසක් අඩු තරමේ face Book නිර්මාතෘ කුඩා කියන්නවත් දන්නේ නැතුව face Book පාවිච්චි කරනවා.. අපේ රටේ ඉතිහාසේ නොදැන ඉස්සරහට යන්න බැහැ.. රුසියාවට මෙඩිසින් ඉගෙන ගන්න ගියොත් ඔබට සිද්දවෙනවා රුසියාවේ ඉතිහාසය ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න. සුද්දා වැද්දා කාලේ අපි අහසින් ගිය මිනිස්සු.. අද එ්කේ අනික් පැත්ත.. දරුවනේ කියවන්න ලෝකේ කරුණු හොයන්න පරිශීලනය කරන්න. තාර්කික සමාජයක් ගොඩ නගන්න. තාර්කිකව හිතන්න පුරුදු වෙන්න. පත්තර බලන්න. ප්‍රවෘත්ති බලන්න.. face Book එකේ ලයික් වැඩිකර ගන්න පොරකන්න එපා.
Sanath apura Tuesday, 24 September 2019 05:31 AM
කොලබට පමණක් සිමා නොවී ලංකාවේ අනිත ප්‍රදාන නගරවලටත් ගෙනියන්න ඉතාම ප්‍රයෝජනයි