
(ඉන්දිකා රාමනායක සහ ඩයනා උදයංගනී)
කොළඹ නගරයට ඇතුළු වන ස්ථාන ගණනාවක දැඩි රථවාහන තද බදයක් පවතී.
අත්‍යාවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණෙන රාජ්‍ය හා පුද්ගලික අංශයේ, සේවක සේවිකාවන්ගේ වාහන, සහ අත්‍යාවශ්‍ය ප්‍රවාහන කටයුතු වල නිරත වාහන, වෙන්කර හඳුනාගැනීම සඳහා අද (7) සිට විශේෂ ස්ටිකරයක් ඇලවීමට පොලීසිය පියවර ගෙන ඇති අතර එම කටයුතු සිදුවන ස්ථානවල මෙම තදබදය පවතී.
අත්‍යවශ්‍ය සේවා සහ මානුෂීය සේවා වශයෙන් වෙන්කර වර්ණ 11 ක් යටතේ මෙම ස්ටිකර් අලවන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සෞඛ්‍ය සේවා, රාජ්‍ය අංශය, පුද්ගලික අංශ, මාධ්‍ය හා සන්නිවේදන අංශය, රාජ්‍ය සේවා අවශ්‍ය ප්‍රවාහන, පුද්ගලික සේවා අත්‍යවශ්‍ය ප්‍රවාහන, මානුෂීය සේවා, පිසු ආහාර ප්‍රවාහන සේවා, විදේශගතවීම්, ආදී වශයෙන් එහෙම වෙන් කිරීම් සිදුකර ඇති බවද හෙතෙම කීය.
මෙම ස්ටිකර් ලබන 14 දින දක්වා වලංගු වන බවත් ඒවා ඇලවූ වාහනවලට මාර්ග බාධක වලින් ප්‍රමාධයකින් තොරව ගමන් කළ ඇති බවත් හෙතෙම කියා සිටියේය.
එම අවස්ථාව අවභාවිතා කරමින් වෙනත් පුද්ගලයන් අතට එය පත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
පොලිසිය විසින් අලවන ලද එම ස්ටිකරයේ වාහනය ගමන් ගතයුතු ප්‍රමාණය සඳහන් කරන බවත් එම ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ම ප්‍රවාහනය කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදක් බව ද හෙතෙම කීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)












(ඡායාරූප: බිමල් ශ්‍යාමන්)



2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොළඹ අවට රථවාහන තදබදයක්
Mahsen Monday, 07 June 2021 12:47 PM
අත්‍යාවශ්‍ය සේවා ලේබල් ගහගන්න තියෙන උනන්දුව, රැකියා කරන කොට තිබ්බා නම් අපි සිංගප්පූරුවලට ඉහළින්...
kamal Monday, 07 June 2021 02:18 PM
ඔය ලේබලේ හදන්න කාටද කොන්ත්‍රාත්තුව දුන්නේ?
fairoos Monday, 07 June 2021 04:13 PM
මෙතන තියන තදබදය තවත් කොරෝනා පොකුරක් නිර්මාණය කරන්න යන්නේ
Paksharaja Tuesday, 08 June 2021 07:55 AM
අප්‍රේල් 05 සංචරණ සීමා දැම්මා නම් ප්‍රශ්නේ ඉවරයිනේ... කොහොමද ඒවා කරන්න බැහැනේ... මුදලාලිව සනසන එක ලොකුයිනේ...!!!
Pat Wednesday, 09 June 2021 11:53 AM
මලකෝලම්... ලෝකෙ කොහේවත් නීති.. හොඳ ආදර්ශයක්..!!!