IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කාසල්රී ජලාශය පිටාර මට්ටමේ

 

කාසල්රී ජලාශයට ඉහළින් පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ගත වූ දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රී ජලාශය පිටාර මට්ටමට ආසන්න වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසීය.


කාසල්රි ජලාශයේ ජල මට්ටම වේල්ල මට්ටමට පැමිණ ඇති අතර වේල්ල මට්ටමින් ඉහළ අඩි 4 ක ලෑලි ගේට්ටුවක් සවි කර ඇති බවත්, එම ලෑලි මට්ටමට ජලාශයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවද  ඔවුහු පවසති.


වර්ෂාව වැඩි වීමත් සමඟ ලක්ෂපාන ජලායේ වාන් දොරටු දෙකක් ඊයේ රාත්‍රියේ සිට විවෘත කර ඇත.


කාසල්රී ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග විමසුරෙන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන  යන විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම අයුරින් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවෝ පැවසූහ.


මේ අතර ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රියව විවෘත වී ඉන් එක් වාන් දොරටුවක් ඊයේ (25) රාත්‍රියේම ස්වයංක්‍රියවම  වැසී ගොස් ඇතැයි  බලාගාර ඉංජිනේරුවරු පවසති.


මේ හේතුවෙන් වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් දැඩි විමසිල්ලෙන් සිටින ලෙස අපදා කලමණාකාරණ ඒකකය ජනතාවට දැනුම් දී තිබේ.


මධ්‍යම කඳුකරයේ ප්‍රධාන මාර්ග කිහිපයකම අලුයම් කාලයේ ඝන මිදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට තරමක බාධා පැමිණිනි.

 

(කාසල්රී)

 

(ඉහළ කොත්මලේ )



අදහස් (1)

කාසල්රී ජලාශය පිටාර මට්ටමේ

suranjith lal Friday, 26 October 2018 06:19 AM

මා ඉපදුනු මගේ මනරම් රට

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site