IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කලා වැව ඉස්මත්තේ වන අලි ගැටුම්

(කාංචන කුමාර ආරියදාස)


කලාවැව හා බළලූ වැව ඉස්මත්තේ නිරන්තරයෙන් ගැවසෙන වන අලින්ගේ වසන්ත කාලය උදාවීමත් සමඟ වෙනත් වසරවලට වඩා ඔවුන් ඔවුන් අතර බරපතළ ගැටුම් රැසක් මේ දිනවල හටගෙන ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

ඒ අනුව කණ්ඩායම් පහකට බෙදී සිටින කලාවැව රක්ෂිතය සිටින වන අලින් සහ ඇතුන් අතර ඇතුන් ඇතුන්  සහ අලින් අලින් අතර බරපතළ ගැටුම් හටගෙන තිබේ.

උදේ දිවා දහවල් කාලයේ මේ  ගැටුම් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
 
වෙනත් වසරවල මෙතරම්ම වන අලින් අතර මද කිපුණු කාලයේ ගැටුම් ඇති නොවන බව පවසන ප්‍රදේශවාසීන් කියා සිටින්නේ මෙවර පිරිමි සතුන් මෙන්ම කාන්තා සතුන් ද ගැටුම් වලට මැදිහත් වීම විශේෂත්වයක් බව ය.

කලාවැවේ   සිටින , ඇසළ, නමැති ඇතා තවත් අලින් දෙදෙනෙකු සමග දින කිහිපයක සිටම ගැටුමක් ඇති කරගෙන ඇති අතර ,රේවත, නමින් හදුන්වන ඇතා ද තවත් ඇතෙකු සමඟ ගැටුමක් ඇති කරගෙන තිබේ.

එමෙන්ම පසුගිය දිනවල අලියෙකු තම දළවලින් ඇන ඝාතනය කර තිබූ දීඝජන්තු 2 ඇතා කලාවැව ප්‍රදේශයේ දින ගණනාවකින් දකින්නට නොමැති වීමද විශේෂත්වයකි.

එමෙන්ම ගැටුම්වලට මැදි නොවී කුඩා සතුන් බේරා ගැනීම සඳහා මව් ඇතින්නියන් දැඩි වෙහෙසක් දරන ආකාරය කුඩා පැටවුන් ගැටුම්වලින් ඉවත් කිරීමට දැඩි උත්සාහයක් ගන්නා සංවේදී දසුන් ද මේ දිනවල කලා වැව ඉස්මත්තේ දී දැක ගැනීමට හැකියාව තිබේ.

කලාවැව ඉස්මත්තේ සිටින ශක්තිමත් වන අලින් සහ ඇතුන් තම වර්ගයා බෝ කිරීම සඳහා මෙම ගැටුම් ඇතිකර ගැනීම සිදුවන බව ප්‍රදේශවාසීන් මෙන්ම වනජීවී නිලධාරීහු ද පවසති.

මේ දිනවල දිවා කාලයේ හෝ සවස් කාලයේ කලා වැව බලලු වැව ඉස්මත්තේ නිකරුනේ ගැවසීමෙන් වළකින ලෙසත් එමෙන්ම හරකුන්   එළුවන් වැවට මුදා හැරීම දර සෙවීමට ගමන් කිරීම ආදී සිදුනොකරන ලෙස වනජීවී නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලීමක් ද කර සිටිති.   

වන අලි සහ ඇතුන් මේ දිනවල දැඩි කෝපයෙන් පසුවීම නිසා බරපතල අනතුරු වලට මුහුණ දිය හැකි බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.

 



අදහස් (1)

කලා වැව ඉස්මත්තේ වන අලි ගැටුම්

nisar Friday, 21 September 2018 07:25 AM

යූ.එන්.පී. කාරයින්ගෙන් ඉගෙන ගෙන ඇති...

:       1       71

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site