IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කලා - බලලු වැව් ජපන් ජබර වලින් පිරී යයි

(කාංචන කුමාර ආරියදාස)

කලා වැව සහ බලලු වැව ජපන් ජබර වලින් පිරී යාමෙන් වැව් දෙකම  අනතුරකට පත්ව  තිබේ.

මේ හේතුවෙන් ධීවර කටයුතුවලට  මෙන්නම සතුන්ගේ දෛනික  ක්‍රියාවලීන්ටද දැඩි හානියක් මෙන්නම බාධාවක්වී ඇතැයි කියති.

එමෙන්ම  මෙම ජපන් ජබර ව්‍යාප්තිය හේතුවෙන් කලා වැවේ නිතර සැරිසරමින් සිටී තුන්සියයකට අධික වන අලි රංචුව ද කලාවැවෙන් නික්ම ගොස් තිබෙන බවත් සතුන්ට හෝ අලින්ට හරකුන්ට ආහාර නොමැති වීමද ජපන් ජබර නිසා බරපතළ ප්‍රශ්නයක් මතුව  තිබේ.
 
කලාවැවේ  මීට පෙර මෙවැනි අවදානමකට ලක් වී නොමැති බවත් මේ  ආකාරයෙන් ජපන් ජබර නැමති ශාකය ව්‍යාප්ත වුවහොත් තවත් වසර කීපයක් ගතවෙද්දී කලාවැව ආශ්‍රිතව ජීවත්වන ජනතාවට පමණක් නොව වැවට ද බරපතල හානි සිදුවිය හැකි බව ධීවර ජනතාව පෙන්වා දෙති.
 


 (ඡායාරූප ඇත)



අදහස් (10)

කලා - බලලු වැව් ජපන් ජබර වලින් පිරී යයි

Pradeep Monday, 06 January 2020 06:05 AM

අහෝ කලාවැවට වූ විපත... බලධරයිනි, වහාම නිසි පියවර ගන්න. කලා වැවේ නිල් දියවර අපේ අම්මා..

:       0       114

ඇටකටූස් Monday, 06 January 2020 07:33 AM

වෙනත් රටවල් වල ජපන් ජබර වලින් පොහොර හදනවා කියලා අහලා තියෙනවා. අපේ අයත් ඒ වගේ දේකට යනවා නම් මේ කරදරෙන් බේරෙන්න පුළුවන්. ජපන් ජබර, සැල්වීනියා කියන්නේ අපේ රටට තර්ජනයක් වෙච්ච පැළෑටි.

:       0       112

chandima Monday, 06 January 2020 12:34 PM

ඔය වැව් අසලම බයෝ - ගෑස් ව්‍යාපෘතියක් ආරම්භ කරලා මෙව්වා එකතු කරලා ගෙනත් දෙන කට්ටියට යම් මුදලක් ගෙවන්න ක්‍රමයක් සකස් කළොත්... ඒ වගේම එතැනම ඒ ගෑස්වලින් විදුලිය උත්පාදනය කරලා ඒ විදුලිය ලංකා විදුලි බල මණ්ඩලයට විකුණන්නත් බැරිවෙන එකක් නැහැ...

:       0       31

Kumar Monday, 06 January 2020 05:16 PM

වසර 40 කට පෙර ජපන් ජබර විනාශ කරන කෘමියෙක් ආනයනය කලා නේද. ඒ වැනි කෘමියෙක් නැවත ගෙනෙන්න බැරිද.

:       57       75

Binkunndaa Monday, 06 January 2020 06:54 PM

ජපන් ජබර, සැල්වීනියා කවදාකවත් ලංකාවේ වන්ඳකරන්න බෑ, රජයේ නිලධාරීන්ට වැවු අමුණු ඇළ මාර්ගවල මේවා තිබුණු තරමට වාසිය්, අවුරුදු පතා මේවා අස්කරන්න කොන්තරාත් දීලා සල්ලි යටි මඩි ගහ ගන්න පුළුවන්නේ.

:       254       509

abaran Tuesday, 07 January 2020 06:19 AM

මට නම් හිතෙන තවත් කරුණක් තමයි ආයෙමත් ලංකාවට කවුරුහරි බෝම්බ දමන්න ආවොතින් ඒ අය නොමග අරින්න තියාගෙන ඉන්නවා වත්ද කියලා......ඇත්තටම මෙය වසංගතයක් වෙනකල් තියාගෙන ඉන්නේ බින්කුන්ඩා කිව්වා වගේ සල්ලි ගරන උල්පතක් නිසා විය හැකියි...

:       0       107

KumarWednesday, 08 January 2020 05:27 PM

ලංකාවේ ජපන් ජබර කිව්වට ඒ පැලෑටිය අයත් වෙන්නෙ දකුණු ඇමෙරිකාවේ අමසොන් ගඟ ආශ්‍රිත ප්‍රදේශයටයි. ලංකාවට ගෙන්නෙන ඇත්තෙ එරෝපියෝ. 1800 අගදී ඇමෙරිකාවේ පැවති ප්‍රදර්ශනයකට සහබාගි වුන ජපන් නියෝජිතයෝ බෙදා දුන්නලු. අපේ නිවසේ ඇති කුඩා ඔලු විලෙත් වැවෙනවා. අපි කරන්නේ වැවීම පාලනය එක විතරයි.

:       0       1

sharm warn Wednesday, 08 January 2020 03:23 AM

ඇත්තමයි ඇටකටුස්, සැල්වීනියා සහ ජපන්ජබර හොඳින් වේලපුවාම හරිම කුඩා ප්‍රමාණයක් බවට පත් වෙනවා වගේම නයිට්‍රජන් බහුල පොහොරකුත් වෙනවා. මේ ගැන අඳෝනා කියකියා ඉන්න නෙමෙයි තියෙන්නේ.. ඔරුවලින් යන අයව දැනුවත් කරලා මේවායින් පොහොර හදන්න පොඩි ව්‍යාපෘතියක් පටන් ගන්න එක. ඊටපස්සේ කියාවි අපිට සැල්වීනියා සහ ජපන්ජබර ආනයනය කරන්න වෙලා කියලා.. හැබැයි අපේ කෘෂි නිලධාරීන්ට පොහොර සමාගම්වලට යටත් නොවෙන්න පිට කොන්දකුත් තියෙන්න ඕන වැඩේ හරියට වෙන්න නම්..

:       0       58

prasad Saturday, 11 January 2020 10:34 PM

ගොවි සමිතියක ශ්‍රමදානයකින් මේවා ගොඩට අරන් වේලුණ පසුව, බැකෝ එකකින් විශාල වලක් හාරා එයට දමන්න.පොහොර වුන පසුව ගොවිතැනට ගන්න. නයිට්‍රජන් අඩංගු හොඳ කාබනික පොහොරක්.

:       0       4

Prasanna Gomes Tuesday, 14 January 2020 11:32 AM

බංග්ලාදේශ් වල මෙය හරකුන්ගේ ප්‍රධාන අාහාරයයි. ඔවුන් එයින් උපරිම ප්‍රයෝජන ලබයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 219 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 760 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site