
දින දින නැගෙන අරගල වෙයි නොවන නිම
අවදානමකි මුළු රට බැලු තැනම හැම
දිවි මග ගෙවෙන කල කඳුළැලි මැදින් එම
කෙලෙසද කල් දමනු අවසන් ගමන මෙම
(පද: ආරියසේන හඳුවල)
(වියලුව වාර්තාකරු)
මීගහකිවුල, කොහාන ගම්මානයේදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුර අවසන් කටයුතු සදහා ගම්වාසීන් එක්ව බදුලුඔයේ කරවටක් ගිලෙමින් එගොඩ පිහිටි මාළිගාතැන්න පොදු සුසාන භූමිය වෙත රැගෙන ගිය අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරුණි.
බදුලු ඔයේ තල්දෙන අහස් මංකඩ තොටුපොල හරහා පාලමක් නොමැතිවීම හේතුවෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තල්දෙන, කුකුරුමහන්තැන්න 11 කණුව, ගල්ගේලන්ද , ආදී ගම්මාන රැසක ජනතාව සිය අවශ්‍යතා සඳහා මෙම තොටුපොළෙන් එගොඩ මෙගොඩ වන්නේ බදුලු ඔයේ සැඩපහරේ කරවටක් ගිලෙමිනි.
බදුලු ඔයෙන් එගොඩ පිහිටි පන්සල, පාසල, බෙහෙත් ශාලාව, තැපැල් කන්තෝරුව ,වෙළෙඳපොළ, වෙල් යාය මෙන්ම සුසානභූමිය කරාද ගම්මුන්ට යාමට සිදුව ඇත්තේ බදුලු ඔයේ කරවටක් ගිලෙමිනි.


2025 ඔක්තෝබර් මස 08
1875
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1509
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
529
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෙලෙසද කල් දමනු අවසන් ගමන මෙම
තිලක් Wednesday, 20 April 2022 11:28 AM
කොමිස් කුට්ටි ලැබෙන තැන්වල විතරයි ඔවුන් පාරවල්, පාලම් හැදුවේ...!
Perera Wednesday, 20 April 2022 12:51 PM
ඔය ගමත් එක්ක අරයා පිළිසඳරක් තියලා නැහැ වගේ..