IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කලාවැව සිසු දරුවෝ ඔන්ලයින් කරන්න වල් අලි ගැවසෙන කැලයට යති

(කාංචන කුමාර ආරියදාස)

කලා වැව දියවර ගම්මානයේ බොහෝ දරුවන්ට අන්තර්ජාල  පහසුකම් නිසි ලෙස නොලැබීම නිසා අධ්‍යාපන කටයුතු සිදුකර සිදුකර ගැනීමට කලාවැව ඉස්මත්තේ ඇති වන අලි ගැවසෙන වන ලැහැබ්කට යාමට සිදුවී ඇතැයි මාපියෝ පවසති .

නිවෙස් වල සිට විශාල දුර බැහැරක් ගෙවා මෙම දරුවන් මෙන්ම එම ප්‍රදේශයේ සිට පාසල් දරුවන්ට අන්තර්ජාල හරහා ඉගැන්වීම් කරන ගුරුවරුන්ට ද මෙම වන ලැහැබ්ට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කරන බව ද මව්පියෝ කියති.

එමෙන්ම දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජීවත්වන පවුල්වල දරුවන්ට අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි දුරකථන නොමැති නිසා අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අඩාවූ පිරිස් ද මෙම ප්‍රදේශවල සිටින බව ජනතාව පවසති.

එක දුරකථනයකින්  කුඩා දුවා දරුවන් තුන් හතර දෙනා එකට එක් වී සිය අධ්‍යාපන කටයුතු සිදු කරන ආකාරයද දැක ගැනීමට හැකි විය.



අදහස් (16)

කලාවැව සිසු දරුවෝ ඔන්ලයින් කරන්න වල් අලි ගැවසෙන කැලයට යති

kamal Tuesday, 15 June 2021 01:38 PM

ඇයි ඔය රටේ ණයට වඩා උසට කොමිස් කුළුණු ගහලා දීලා තියෙන්නේ. ඒවාට නැගලා බලන්න.

:       158       111

BamunuarachchiTuesday, 15 June 2021 06:26 PM

ඔහෙලගේ ලොක්කා ෆ්‍රී වයිෆයි දෙනවා කිව්වා නේද? අන්තිම ලොක්කත් නැහැ ෆ්‍රී වයිෆයි ත් නැහැ. එ්කත් රත්තරන් චේන් වලට දෙවෙනි නැහැ.

:       348       126

naushiWednesday, 16 June 2021 08:45 AM

දැන් ඉන්න ලොක්කත් වැඩබැරි දාස කෙනෙක් කියලා ඔප්පුවෙලා හමාරයි...

:       0       1

69laksayaWednesday, 16 June 2021 10:46 AM

පොඩ්ඩක් ඉන්න V8 එක නැවෙන් බාපු ගමන් අපේ මන්ත්‍රීතුමා එනවා ඔය කාලෙට ප්‍රශ්න විසඳලා දෙන්න.

:       0       2

Anura Tuesday, 15 June 2021 01:47 PM

මේකේ හොඳ පැත්ත තමයි.., පන්තියේදී තනියෙන් ඉගෙන ගන්නවාට වඩා මෙහෙම කට්ටිය සෙට් වෙලා කරනකොට හැමෝම උනන්දුවෙන් ඉගෙන ගන්නවා. දන්නා අය නොදන්නා අයට කියලා දෙනවා...

:       9       53

Sam Tuesday, 15 June 2021 02:19 PM

අනේ මන්දා කාට පිස්සුද කියලා.. දැන් ළමයි මෙහෙම එක්රැස් වෙනවා නම් පාසලට ගිහින් ඉගෙන ගන්න බැරි ඇයි..? හරියට පාසැල්වල ඩෙස් බංකු වලින් කොරෝනා බෝවෙනවා වගේනේ...

:       0       83

jagath Tuesday, 15 June 2021 02:28 PM

ලැජ්ජයි නන්දසේන..!!! 

:       89       251

විපරමා Tuesday, 15 June 2021 04:00 PM

සිසු දරුවන්ගේ පහසුකම් කෙසේවෙතත් රට විකුණලා හරි දේශපාලුවන්ගේ සියලුම ඕනෑ එපාකම් ඉෂ්ඨ වෙන එක මදිද?.

:       24       32

himal Tuesday, 15 June 2021 04:07 PM

කතාවේ යම් ඇත්තක් තියෙන්න හැකියි. ඒත් අර එක් තැනක ලැප්ටොප් එක පැත්තක තියලා ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා. තව තැනක ඇඳගෙන ඉන්නා ඇඳුම් හා ආම්පන්න අනුව සල්ලි නෑ කියන්නත් බෑ. අනෙක ගුරුවරුත් කැලයට එනවා නම් ළමයිනුත් එතනට එනවා නම් ඉතින් එතන ඔන් ලයින් එකක් නොවෙයිනේ තිබෙන්නේ...

:       29       69

RaveendraWednesday, 16 June 2021 11:55 AM

ඔබගේ නිරීක්ෂණයන් ඉතාමත්ම නිවැරදිය. වැඩි පිරිසක් තමන් අදහන "ගොන් පාටවල් ඔලුවේ" ඔබාගෙන අදහස් දැකීම කණගාටුවකි. "තමන්ගේ ගොනා" පට්ටියේ බලයේ ඉන්නවා නම් මේ මුකුත් ගැටළු නැත යන අඥාන අදහස් අප සැමවිටම දකින්නේ "අප මොනතරම් මෝඩයින්දවත් නොදැනෙන" නිසා නොවේද ?

:       1       0

SAKALABUJAN Tuesday, 15 June 2021 05:44 PM

වී8, මොන්ටේරෝ, ප්‍රාඩෝ, ලෑන්ඩ් කෘෘසර්, ... තමයි අඩු..

:       1       45

fairoos Tuesday, 15 June 2021 06:07 PM

මේක රජය අපහසුතාවයට පත් කරන්න කරන වැඩ. කෝ අපේ අජිත් රෝහණ මහත්තයා..? වහාම සංචරණ සීමා කඩ කිරීමේ නීතිය යටතේ අත්අඩංගුවට ගන්න .. නැතිනම් චමුදිත පෙන්නලා දෙනකම් ඉන්නවද?

:       35       89

Bamunuarachchi Tuesday, 15 June 2021 06:23 PM

ළමයි පත්තරේට කියලද යන්නේ? වෙන බයිලා නැද්ද?

:       218       6

nilu Wednesday, 16 June 2021 01:37 AM

බොරු වැඩ, ඉගෙන ගන්න ඔය මුකුත් ඕනැ නැහැ. අපි ඇමෙරිකාවට ආවෙ ඔහොම ඉගෙන ගෙනද?

:       0       0

Rata Perata Wednesday, 16 June 2021 01:45 AM

මේ ළමයි විඳින දුක ගැනත් දේශපාලන වාද කරන කාලකන්නි අපේ රටේ ඉන්නේ.... මේක දාපු එකට ස්තුති කරන්නේ නැතුව පත්තරේට කියලද ගියේ කියලා අහන්න පුළුවන් ළමයි නැති කෙනෙක්ටම තමයි.

:       0       0

Sam De SIlva Wednesday, 16 June 2021 09:42 AM

පාර්ලිමේන්තුවේ ඉන්න අයට තව වාහන ගන්න කියන්න ඕනේ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site