IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කලාවැවේ වාන් දොරටු අඩි 6 දක්වා විවෘත කරයි

(කුෂාන් ජයවර්ධන සහ කාංචන ආරියදාස)
 

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අද( 23) පස්වරු 04.30 සිට අඩි 06 දක්වා විවෘත කිරීමට කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ.
 
එම හදිසි වාන් දොරටු දෙක අද (23) උදෑසන 6.00 සිට පස්වරුව දක්වා අඩි 4 බැගින් විවෘත කිරීමටත්, පස්වරු 3.15 වනවිට අඩි 05 දක්වා විවෘත කිරීමටත් කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය කටයුතු කර තිබිණ. පස්වරු 4.30 ට එම හදිසි වාන් දොරටු අඩි 06 බැගින් විවෘත කෙරුණු අතර මේ වනවිට කලා වැවෙන් කලාඔයට මුදාහැරෙන  ජල ධාරිතාවය තත්පරයට ඝණ අඩි 6356 ක් වේ.
 
මේ වනවිට කලාවැව අවුකන මාර්ගය අවුකන විහාරස්ථානය අසළින් ජලයෙන් යටවී තිබේ.එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබේ.

මේ වන විට කලා වැවේ සමස්ත ජල ධාරිතාවය අක්කර අඩි 87401ක් ලෙස වාර්තා වී ඇත.

තවදුරටත් වර්ෂාව පැවතිය හොත් කලාවැවේ වාන්දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවන බව කලාවැව කාර්යභාර  ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි. මෙම අවදානම් තත්වය හමුවේ අවධානයෙන් පසුවන ලෙස කලාඔය දෙපස පදිංචි කරුවන්ගෙන් කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය ඉල්ලීමක් කරයි.
 
පවතින මෙවන් හදිසි තත්ත්වය යටතේ ඉකුත් දින තුනක් පුරා කලාවැවේ කටයුතු භාර කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලයේ රාජකාරී දුරකතනය අක්‍රියව පැවතිම හේතුවෙන් එම කාර්යාලය සහ පොලිසිය, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, අනෙකුත් මහවැලි කාර්යාලය, ජීවිතාරක්ෂක සේවා හා ආපදා කළමණාකරණ ඇතුලු වෙනත් කාර්යාල අතර පණිවුඩ හුවමාරුව ද ඇණ හිට තිබේ.

මේ සම්බන්ධයෙන් එම කාර්යාලය අදාළ දුරකතන සමාගමට පැමිණිලි කර ඇතත් අද ( 23) සවස් වනවිටත් එය යථා තත්ත්වයට පත්නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් කලාවැව කාර්යභාර ඉංජිනේරැ කාර්යාල නිලධාරීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.



අදහස් (0)

කලාවැවේ වාන් දොරටු අඩි 6 දක්වා විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site