IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


කුලීවැඩ නොමැති කමින් නෙළුම් අල හාරා දවස සරි කරගන්නා ගැමියෝ

 ( කාංචන කුමාර ආරියදාස)


පවතින  වැසි රහිත  කාලගුණ තත්ත්වය නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ජනතාව උග්‍ර ජල සහ ආහාර අර්බුදයකට මුහුණ පා සිටිති.


 දඹුල්ල සහ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගම්මාන රැසක ජනතාව මෙම තත්ත්වයට මුහුණ පා සිටිති.


දඹුල්ල පහළවැව ගම්මානයේ රැකියාව ලෙස කුලී වැඩ කරන බොහෝ දෙනෙකුට මෙවර කුලී වැඩක් නොමැති වීම සහ අස්වැන්න නෙළීමේ කටයුතු සඳහා යන්ත්‍ර  සූත්‍ර යොදා ගැනීම හේතුවෙන් මොවුහු දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. ඒ නිසා සිඳීගිය  පහළවැවේ නෙළුම් අල කිලෝ  5 ක්  6 ක් අතර ප්‍රමාණයක් දිනකට හාරා දවසේ ජීවන වියදම සොයා ගන්නා බව ඔවුහු පවසති.


පහළවැව ප්‍රදේශයේ නෙළුම් අල හාරමින් සිටි මවක කියා සිටියේ අවම වශයෙන් තමන්ට සමෘද්ධි සහනාධාරය හෝ නොමැති බවය. දිනකට එක වේලක් සරිකරගන්නා මොවුහු  දැඩි ආහාර අර්බුදයකට මුහුණ පා සිටිති.


ඇතැම් පිරිස් සිඳීගිය වැව් වල ඇති වලවල් වල සිටින මසුන් අල්ලති. මේ දිනවල වැසි රහිත කාලගුණික තත්ත්වය නිසා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක් ද පානීය ජල අර්බුදයකට ද මුහුණ පා සිටිති.  මෙම තත්ත්වය පිළිබඳව මාතලේ දිස්ත්‍රික්කයේ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු යැයි ඔවුහු පවසති.

 

 

 



අදහස් (4)

කුලීවැඩ නොමැති කමින් නෙළුම් අල හාරා දවස සරි කරගන්නා ගැමියෝ

ravi Friday, 21 September 2018 09:51 AM

ලෝකයේ කිසිම දවසක නොතිබුණු " කාලගුණ විපර්යාසන්ට " තමයි අපි මේ ලඟා වෙන්නේ.. අද මෙහෙම වුණත්.. හෙට සහ අනාගතය තවත් දරුණු වෙන බව ලෝකයේ සෑම කාලගුණ අනාවැකියකින්ම තහවුරු වී තිබේ ..!

:       1       89

dias Friday, 21 September 2018 10:35 AM

ටිකක් ඉවසලා ඉන්නකෝ... නගර සභාවේ දොරවල් ටික දා ගන්නකම්...

:       0       109

upali Saturday, 22 September 2018 06:01 AM

තව ප්‍රාෙඩා්, පැජරෝ, බී.එම්.ඩබ්ලිව්, බෙන්ස් ගන්න. අම්බරුවන් 225ට තවත් සැප පහසුකම් දෙන්න. දොරවල් හදන්න. පුටු ගන්න කෝටිගණන් දීලා. පොඩි කාර්වල බදු වැඩිකරන්න. ඇති නැති පරතරය වත වැඩි කරන්න.

:       0       36

ඇත්ත සත්‍යපාල Saturday, 22 September 2018 10:35 AM

රවී, ඔබ උපක්‍රමශීලිව රටේ දුප්පත්කම ස්වභාවධර්මයට පටවල ආණ්ඩුවේ නම බේරගන්න අසාර්ථක උත්සාහයක නියැලෙනවා. මැදපෙරදිගට හැමදාම නියඟය. ඒත් ඒ මිනිස්සු හොඳට කාලා අැඳලා ඉන්නවා. ඔය ලිපියේම තියෙනවා "අවම වශයෙන් තමන්ට සමෘද්ධි සහනාධාරය හෝ නොමැති බව" කියලා. දැක්කේ නැත්නම් බලන්න. ඒ සහනාධාරය දෙන්නේ වැහි දෙයියෝ නොවෙයි. ඔහෙලා කඩේ යන ඔහෙලගෙ දේශපාලක දෙවියෝ. ඒ හොරදෙටුවෝ කෝටි ගණන් වටිනා දොරවල් දාන්නේ, කෝටි ගණන් වටිනා පුටු ගෙනෙන්නේ ඔහේ කියන "කාලගුණ විපර්යාසයන්ට" මුහුණ දෙන්නටද? තමන්ගේ පක්ෂයට තමන් පිහිටවපු ආණ්ඩුවකට ආදරෙයි නම් එය රැකගැනීමට කළයුතු හොඳම දෙය ඔවුන් පත්කළ දා සිටම ඔවුන්ට බනිමින් තර්ජනය කරමින් හරි පාරේ ගෙනයාම... ඔබලා කරන්නේ සෑමදේකටම ඔවුන් පසුපස යාමයි. එහෙම වුණාම ඔවුන් තවතව ජරාව කාලා අජීරණය, අතීසාරය හැදිලා විනාශ වෙනවා. ගඳයි කිව්වා නම් ජරාව නොකා පරිස්සම් වෙලා වැඩි කලක් ජීවත්වෙයි. රවීලා වැනි පාක්ෂිකයින් නිසා දැන් ආණ්ඩුවට අතීසාරය කොලරාව හැදිලා මරණාසන්නයි. දැන්වත් සුවඳයි නොකියා මතක බණක් සුදානම් කරන්න. ඊළඟ ආත්මෙවත් යහපතක් වෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1753 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1443 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site