IMG-LOGO

කල්පිටිය මුහුදේ තල්මසු රැඟුම්

 


(පද්මා කුමාරී කංකානම්ගේ )
 
එළැඹි කොරෝනා ඉසඹුවත් සමඟ යෝධ  තල්මස් රංග ධරයින්,කල්පිටි සයුරු තෙරට පැමිණ රැගුම් පාති.
 
අප මේ පිළිබදව වන ජීවී දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල කුමාර මොරතැන්න මහතාගෙන් විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ තල්මස් දැවැන්තයින් රැසක්ම මේ දිනවල කල්පිටි  සයුර ආක්‍රමණය කර ඇති බවය.
 
මෙම තල්මසුන් අතර නිල් තල්මසුන් සහ මන්දා තල්මසුන් බහුල දැකිය හැකිබවත් ය.
 
තල්මසුන් නැරඹීමේ දී නිරීක්ෂකයින් විසින් පිළිපැදිය යුතු ආචාර ධර්ම හා නීතී කිහිපයක් ද ඒ මහතා මෙහිදී අනාවරණය කළේය.

තල්මසුන්ට ලංවිය හැකි උපරීම සීමාව මීටර සියයකි.ඝෝෂාකාරී ශබ්ද නැගීම හෝ ඔවුන් තමන් ආසන්නයට කැදවා ගැනීමට උත්සහ නොදැරිය යුතුය.

තල්මසුන්ගේ ස්වභාවික සංචරණ රටාවට බාධාවක් නොවන අයුරින් යාත්‍රාව හැසිර විය යුතුය.
 
කෝරෝනා තත්ත්වය පැවතිය ද සංචාරකයින් සදහා සාගර  තවමත් විවෘත ය.



අදහස් (4)

කල්පිටිය මුහුදේ තල්මසු රැඟුම්

rana Sunday, 01 November 2020 05:59 AM

"කොරෝනා තත්ත්වය පැවතිය ද සංචාරකයින් සදහා සාගර තවමත් විවෘත ය." මද සිහියෙන්ද මේ කතා?

:       2       5

abc Sunday, 01 November 2020 09:34 AM

සීබී ව හම්බ වෙන්න ඕනැ ඇති...

:       0       1

arschfikaa Sunday, 01 November 2020 08:37 PM

කොරෝනා තිබුනත් තල්මසුන් නරඹන්න ගිය හැකිය.

:       0       0

NImal Monday, 02 November 2020 07:24 AM

කෙසේ වුවද මෙම ඡායාරූපය ඉතා දුර්ලභ ඡායාරූපයක් බව කිවහැකියි. ස්තුතියි ලංකාදීප...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 486 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 649 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 267 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site