IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


කිලිනොච්චියේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි

(රොමේෂ් මධුෂංඛ)
පවතින අධික වර්ෂාපතනයත් සමඟ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ  සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයන් අද(06) උදැසන ජලයෙන් යට වීමෙන්  විපතට පත් වූ පාසල් ළමුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගනු ලැබීය.
 
කිලිනොච්චිය ධර්මපුරම් විද්‍යාලයේ පිහිටා තිබූ විභාග මධ්‍යස්ථානයේ පහළ තට්ටුවල පංති කාමර ජලයෙන් යට වීමෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි යුදහමුදා නිලධාරීන් විසින් පහල තට්ටුවල තිබූ මේස පුටු ඉහල තට්ටු වෙතට රැගෙන ගොස් විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු දරුවන්ද ඉහළ තට්ටුවට රැගෙන යාමට කටයුතු යොදා ඇත.
 
 එමෙන්ම විභාගයට පෙනී සිටින දරුවන්ට ගංවතුර හේතුවෙන් විභාග මධ්‍යස්ථාන වෙතට පැමිණීමට නොහැකි වීමෙන්  යුද හමුදා සෙබලුන් විසින් ට්‍රැක්ටර් රථ යොදාගෙන විභාග ශාලව වෙත රැගෙන ගිය බවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් අවට රැදී සිටීමටද පියවර ගෙන ඇත.
 
 මේ අතර පවතින අයහපත් කාළගුණ තත්වය හමුවේ කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානය ද අද උදෑසන ජලයෙන් යට වී ඇති අතර විභාගයට පෙනී සිටින දරුවන් බෝට්ටු යොදාගෙන විභාග ශාලාව වෙත රැගෙන යාමටද යුද හමුදා නිලධාරීන් පියවර ගෙන ඇති අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් අවට රැදී සිටින බවද කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය වැඩි දුරටත් පවසියි.

 



අදහස් (5)

කිලිනොච්චියේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි

sharm warn Friday, 06 December 2019 09:11 AM

ඔව් ... අමාරුවේ වැටෙනකොට හමුදාව හොඳයි... වැඩේ කරගෙන සේරම ගොඩගියාට පස්සේ තමයි ආපහු තලගොයා කබරගොයා වෙන්නේ.. එතකොට ඩයස්පෝරාවේ ඉන්න කාලකන්නි කොඩි වනවන උඩ පනිනකොට මේවා මතක නැහැ...

:       48       776

jajisFriday, 06 December 2019 11:58 AM

කව්ද මේ ඩිස්ලයික් දාලා තියෙන්නේ?

:       116       208

namali Friday, 06 December 2019 10:38 AM

කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්.............අපේ රණවිරුවන්ට සියලු දෙවි රැකවරණයි.

:       1       224

ගෝනවල කුසුමා Friday, 06 December 2019 02:42 PM

කොච්චර කලත් වැඩක් නැහැ. බලන්න සුමන්තිරන්, සම්බන්ධන්, විග්නේශ්වරන්, සිවාජිලිංගම්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මනෝ ගනේෂන් වැන්නන් කියන ඒවා. කිසි කෙලෙහි ගුණයක් නැහැ.

:       0       200

Nimal Friday, 06 December 2019 05:19 PM

ඔන්න ඕවා ලොකුවට දාන්නකෝ ඩයස්පෝරාවට පේන්න.

:       0       178

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site