IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කිලිනොච්චියේදී යුදහමුදාවටත් අංගම්පොර සටන් පුහුණුව

 

 

රොමේෂ් මධුෂංඛ

 

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශයේ සේවයේ නිරත යුද හමුදා නිලධාරීන් වෙත අංගම්පොර සටන් පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීම කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් නිශ්ශංක රණවන මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය නෙළුම්පියස ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.

ආරක්ෂකක සේනා මූලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ සංකල්පයක් මත කිලිනොච්චි බල ප්‍රදේශය තුළ රාජකාරි නියුතු යුද හමුදා සාමාජිකයින් හට අංගම්පොර සටන් කලාව පිළිබඳ පුහුණු කිරිමට නියමිත පාඨමාලාවේ ආරම්භ කර තිබිණ.

යුද්ධ හමුදා අංගම්පොර සංචිතයේ සභාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ අධික්ෂණය යටතේ පාඨමාලාව පැවැත්වෙන අතර අංගම්පොර සටන් කලා පාඨමාලාවේ ප්‍රධාන උපදේශක වශයෙන් රිටිගල සිංහක්කාර පරපුරේ කලාකීර්ති කලාවිභුෂණ දේවින්ද ලක්සිරි රණසිංහ මහතා කටයුතු සිදුකරනු ලබයි.

 

කිලිනොච්චිය ආරක්ෂක සේනා නිලධාරීන් 100 දෙනෙකු පළමු අදියර පාඨමාලාවට සහභාගි වීමට නියමිත අතර, පුහුණු සාමාජිකයින් වෙනුවෙන්  ආත්ම ආරක්ෂක සටන් උපක්‍රමවල නිපුණත්වයක් ලබාදීම, ශාරීරික ශක්තිය, විඳ දරා ගැනීම සහ ආත්ම ශක්තිය වර්ධනය කිරීමේ පුහුණව ලබාදීමට නියමිතය.

පුහුණු පාඨමාලාවේ ආරම්භක උත්සවයේදි පැමිණ සිටි යුද හමුදා සාමාජිකයින්හට දැකබලා ගැනිම සඳහා අංගම්පොර සටන් කලාවේ ප්‍රධාන උපදේශක විසින් ඔහු යටතේ සටන් කලාව හදාරනු ලබන පාසල් ළමුන්ගේ අංගම්පොර සටන් කලාවේ ප්‍රදර්ශනයක් ඉදිරිපත් කළහ.

වැඩසටහනට 65  වන සේනාංකයේ සේනාංකාධිපති, කිලිනොච්චිය ආරක්ෂක සේනා මුලස්ථානය ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, යුද හමුදා අංගම්පොර සංවිතයේ ලේඛම් ලුතිතන් කර්නල් රවින්ද්‍ර ජයසිංහ මහතා සහ අංගම්පොර සංචිතයේ භාණ්ඩාගාරික මේජර් ලංකා ඉදිරිසිංහ ඇතුළු බලසේනාධිපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.



අදහස් (1)

කිලිනොච්චියේදී යුදහමුදාවටත් අංගම්පොර සටන් පුහුණුව

nihal Wednesday, 19 September 2018 03:16 PM

අගෙයි අගෙයි ඉතාම කාලෝචිත දෙයක්.. සුබ පැතුම්...!!!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site