IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කලාකරුවන්ගේ දිවියේ සැඳෑ සමය එළිය කරන වැඩපිළිවෙලක්

බොහෝ කලාකරුවන්ගේ ජීවිතයේ සන්ධ්‍යා සමයේ පවතින සෝචනීය තත්ත්වයට පිළියම් යෙදීම සදහා ගන්නා වූ වැඩපිළිවෙළ මෙම වසරේ මැද භාගයේ සිට ක්‍රියාත්මක වෙනු ඇතැයි ද තම විශ්වාසය කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැසීය.  2017 වසරේ ජනාධිපති සිනමා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වෙමින් ජනපතිවරයා එසේ කීය.
2015 වසරේ තිරගත වූ චිත්‍රපට අතරෙන් ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය හොදම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර එහි රගපෑ ශ්‍යාම් ප්‍රනාන්දු හොදම නඑවා ලෙස ද අංජලී පතෙල් හොදම නිළිය ලෙස ද ජනාධිපති  අතින් සම්මානයෙන් පිදුම් ලැබූහ.
සිනමා කර්මාන්තයේ උන්නතිය සහ කලාකරුවන් දිරිගැන්වීමේ අරමුණින් පැවති මෙම සම්මාන උළෙලේ දී මූලික සම්මාන 21 ක් පුරෝගාමී මෙහෙවර බුහුමන් සම්මාන 09ක් ස්වර්ණ සිංහ සම්මාන 06 ක් විශේෂ කුසලතා සම්මාන 07 ක් සහ ජූරියේ විශේෂ සම්මාන 01 ක් ද පිරිනැමිණි.
ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ රටේ ජාතික සමගිය සහ සංහිදියාව ඇතිකිරීම වෙනුවෙන් කලාකරුවන්ට සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකි බවයි. එමෙන්ම සිනමා කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද පැවැසීය .



අදහස් (4)

කලාකරුවන්ගේ දිවියේ සැඳෑ සමය එළිය කරන වැඩපිළිවෙලක්

ranjith Saturday, 01 April 2017 12:51 PM

කොහොමද දැන් අපි කලාකාරයෝ වෙන් කර ගන්න? පදුරකට ගැහුවත් කලාකාරයෝ එකසිය ගානක් විසික් වෙනවනේ?

:       0       38

mahee Sunday, 02 April 2017 12:30 AM

රන්ජිත්, සහතික ඇත්ත. සමහරු එක සින්දුවක් කිව්වත් කලාකාරය කියල ප්‍රචාරයක් දාගන්නවා. සමහරු කලා රැස්වීමක අප්පුඩි ගැහුවත් තමන් දැන් කලාකාරයෙක් කියල හිතනවා. ඊටත් හපන්, කලාකාරයින්ව දේශපාලුවන්ගෙන් වෙන්කර හඳුනාගන්න එක. සමහරු කරන වැඩ බැලුවම කලාවට වඩා එක එක දේශපාලුවන්ට කත් අදින එකනේ කරන්නේ කියල හිතෙනවා.

:       0       11

janatha anura Sunday, 02 April 2017 03:39 AM

පඳුරකට ගැහුවොත් කලාකාරයෝ දහසක් එලියට එනවා නම් අපි කලාවෙන් බොහෝ දුර ගොස් පෝෂණය වී ඇත සැම කෙනෙක්ම කලාවට යොමුවන්නේ නම් අද පවතින ආතතිය අපරාද දුරුකොට ගත හැක. මෙය අද සමාජයේ උපාධි ලෙස කිහිප දෙනෙකුට සීමා කල හැකි දෙයක් නොවේ

:       0       21

saman Sunday, 02 April 2017 04:42 AM

කලාකරුවන්ගේ නෙවේ දැන් නම් අපේ ජීවිතත් ඉතාමත් ශෝචනීය තත්වයකට මේ ආණ්ඩුව පත් කරලා තියෙන්නේ.

:       0       242

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site