IMG-LOGO

කලකට පසුව යාපනයේ තිරික්කල් තරගාවලියක්

රොමේෂ් මධුෂංඛ
 
පැරණි සම්ප්‍රදායන්ට ජීවයක් දෙමින් අනාදිමත් කාලයක සිට පැවත එන ගවයින් බැදී තිරික්කල් රේස් මේ දිනවල යාපනය දිස්ත්‍රීක්කයේදී දැක ගත හැකිව තිබේ.


යාපනය කෝපායි ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කර ඇති මෙම තිරික්කල් රේස් තරගාවලිය සඳහා යාපනයේ ඉතා ජවසම්පන්නම ගවයින් සහභාගී කරවීමට ගවයින් හිමිකරුවන් විසින් පියවර ගෙන තිබිණි.


මේ අනුව යාපනයේ සිටි ජවසම්පන්න මෙන්ම අත්දැකීම් ඇති ගවයින් 41 දෙනෙකු මෙම තිරික්කල් රේස් තරගය සඳහා සහභාගී වී සිටි අතර එය දැක බලා ගැනීමටද යාපනයේ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.


පැවති තරගයන්ගේන් ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග හා සියලු ගවයින් සඳහා ආහාරපාන ලබා දීමට ද කෝපායි ප්‍රාදේශීය සභාවේ සභාපති නිරෝෂ් ත්‍යාගරාසා මහතා ඇතුළු පිරිස සංවිධානය කර තිබිණි.


පැරණි තිරික්කල් රේස් නැවත කරලියට ගෙන ඒම සම්බන්ධයෙන් කෝපායි ප්‍රාදේශීය සභාව මගින් පෙන්වා දෙන්නේ පැරණි සම්ප්‍රදායන් වර්තමානය වන විට අමතක වී ඇති හෙයින් එම අත්දැකීම් වර්තමාන ජනතාවටද දැකබලා ගැනීමට අවස්ථාවක උදා කළ බවයි.



අදහස් (4)

කලකට පසුව යාපනයේ තිරික්කල් තරගාවලියක්

kumar (gulf) Tuesday, 24 July 2018 11:42 AM

දැන් මේ තිරික්කල රේස් දකුණේ ගාලු පුරෙත් පටන්ගත්තොත් තමා හොඳ, චිත්‍රා සෝමපාල මහත්ත්මියගේ "දකුණු ලකේ අගනුවරේ ගාලුපුරේ ශ්‍රී" සින්දුවට නැවත පන දීමක් වෙන්න පුළුවන් ඒක.

:       0       20

tommy Tuesday, 24 July 2018 10:56 PM

ඉඩ පහසුව තිබෙනවානම් සහ අන් අයට කරදරයක් නොවේ නම්, අද කාලේ හැටියට රේස් තිරික්කල් වෙනුවට කාර් රේස් තිබුණට කමක් නැහැ.

:       0       1

Bamunuarachchi Tuesday, 24 July 2018 11:35 PM

හැබැයි අපිට කොළොඹ ගෝල් ෆේස් පිට්ටනියේ තියන්න වෙන්නේ ත්‍රීවිල් රේස් තමයි. ත්‍රීවීල් වලට කියන්නෙත් තිරික්කල කියලා

:       0       1

sugath Wednesday, 25 July 2018 02:56 AM

කෝ අර සිංහල අවුරුදු උත්සව වල තිරික්කල තරග වලට විරුද්ධව කතා කරපු කට්ටිය ? මේක වෙන රටක කියල සම හරක් හිතන් ඉන්නවා වගේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 353 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site