IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කරුවලගස්වැවට ජලය බවසුර් වලින් බෙදාහරී

(ජයරත්න වික්‍රමාරච්චි) 

වසර දෙකක පමණ කාලයක් නියඟයෙන් පීඩාවට පත්ව උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටින පුත්තලම කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 10ක පවුල් 2531ක පුද්ගලයන් 8709ක් සඳහා තවදුරටත් පානීය ජලය බෙදාහැරීම සිදු කෙරෙන බව කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක බාලසූරිය මහතා පැවසීය.

එම කාර්යාලයේ ආපදා සහන සේවා ඒකකයට අනුව රඹාවැව ග්‍රාම නිලධාරි වසමේ පවුල් 247ක පුද්ගලයන් 758ක්, මුරුක්කු වටවන පවුල් 240ක් පුද්ගලයන් 850ක්, කරුවලගස්වැව පවුල් 460ක් පුද්ගලයන් 1298ක්, පහරිය පවුල් 247ක් පුද්ගලයන් 731ක්, තේවනුවර පවුල් 329ක පුද්ගලයන් 1198ක්, කුඹුක්වැව පවුල් 285ක් පුද්ගලයන් 835ක්, පාවට්ටාමඩුව පවුල් 35ක පුද්ගලයන් 106ක්, තබ්බෝව උතුර පවුල් 500ක් පුද්ගලයන් 2400ක්, තබ්බෝව උතුර පවුල් 168ක පුද්ගලයන් 473ක් සහ අලුත්ගම ග්‍රාම නිලධාරි වසමේ පවුල් 20ක පුද්ගලයන් 60ක් සඳහා දැනට පානීය ජලය බෙදා හැරේ.

මේ සදහා ජල බවුසර් 2ක් යොදා ගෙන ඇත. එමගින් දිනකට පානීය ජලය ලීටර් 14,000ක් නිකුත් කෙරේ. 

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ග්‍රාම නිලධාරි වසම් 26ක් ඇත.  



අදහස් (1)

කරුවලගස්වැවට ජලය බවසුර් වලින් බෙදාහරී

lalithsjm Tuesday, 06 March 2018 06:03 AM

මහවනය කපා ගම්මාන හදමු. හෝටල් හදමු. නිවාඩු නිකේතන හදමු.

:       1       183

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 100 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site