(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මාස 2කට අධික කාලයක් නැවතී තිබූ කාර්යාල දුම්රිය සේවය අද (08) සිට සාමාන්ය පරිදි ආරම්භ කෙරුණු අතර, සියලු දුම්රියන් නියමිත වේලාවට ගමන් ආරම්භ කෙරිණි.
දුම්රිය ආසන ප්‍රමාණයට වඩා මඳක් වැඩියෙන් මගින් දුම්රියෙන් ගමන් ගන්නා අයුරු දැකගැනීමට හැකි වූ අතර ගම්පහ දුම්රිය ස්ථානයේදී සියළුම මගීන්ගේ උෂ්ණත්වය මැනබලා ඇතුළු කර ගන්නා ලදී.
අද (08) දිනයේ කාර්යාල මගීන් පමණක් දුම්රිය ස්ථානයේදී දැක ගන්නට ලැබිණ. නාවික හමුදා සාමාජිකයන් මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තු ආරක්ෂක අංශ සාමාජික සාමාජිකාවන් විසින් ද මගීන් ගේ සෞඛ්යආ පුරුදු කෙරෙහි විමසිලිමත් වන අයුරු ද අද දැක ගත හැකි විය.






2025 නොවැම්බර් මස 04
23
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාර්යාල දුම්රිය සේවය ඇරඹෙයි
Kamal Koyrala Monday, 08 June 2020 07:56 AM
ඡන්දයක් නිසා මහජනතාව බිල්ලට දෙන රටක් කෝ? සමාජ දුරස්ථභාවය කීදෙනෙක් ග්ලව්ස් නැතිව යනවද? හැමදාම පුරුද්දට සීට් අල්ලන්න පොරකනවද?
සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 June 2020 09:38 AM
සමාජයේ වයිරසය දැන් නොමැති යයි උපකල්පනය කිරීමට පුළුවන්... ඒත්, පරිස්සම ඉතා වැදගත්... මීටරයේ පරතර තබාගෙන කෝච්චි බස්වල යාම අපේ රටේ ප්‍රායෝගිකව කිරීමට අපහසු දෙයක් බවයි පේන්නේ. ඒ වුණත්, එය කොරෝනාගේ පැතිරීමට හේතුවක්...