IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


’කොරෝනා’ පීඩිතයන්ට සෙත් පතා ගංගාරාමයේ බෝධිපූජාවක්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

කොරෝනා වයිරසයෙන්  පීඩා විඳින චීනය, ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකවාසී ජනතාව වෙත ආශීර්වාද කිරීමේ අරමුණින් විශේෂ බෝධි පූජාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාස්ථානයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා චීන ජන මාධ්‍යවේදීන්ගේ සංසදය මෙම බෝධිපූජා පිංකම සංවිධානය කර තිබිණි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.  



අදහස් (10)

’කොරෝනා’ පීඩිතයන්ට සෙත් පතා ගංගාරාමයේ බෝධිපූජාවක්

ravi Thursday, 06 February 2020 10:33 AM

මොනවද මේ බොරු වැඩ .. ? ඇෆ්රිකාවේ ඉබෝලා තිබුන කාලේ කවුරු ඒ වෙනුවෙන් පුජාවල් කෙරුවෙත් නැහැ .. පිරිත් කිව්වෙත් නැහැ .. මොන මගුලක්වත් නැහැ .. මෙව්වා මේ අනුන්ගෙන් කන්න බොන්න හදාගත්ත උපක්‍රම ... මොන මගුලක් නැටුවත් අන්තිමට ඉතින් දානෙකුත් දෙන්න ඔනානෙ ... ඕක තමයි උපාය ..!

:       3555       581

JayFriday, 07 February 2020 03:28 AM

රවී, මේවා බොරු වැඩ නෙමේ. මම දන්නේ නැහැ ඔයා මොන ආගමේද කියලා. බුද්ධාගමේ නෙමෙයි නම් බුද්ධාගමේ වැඩ වලට අපහාස කරන එක හොඳ මදි නේද? අනික් ආගම් වලට අපහාස කරන එක වැරදි වැඩක්. හැබැයි ඔයා බුද්ධාගමේ නම් කියලා තියෙන කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. අමතක කරන්න එපා බුදුන් වහන්සේ රතන සුත්‍රය දේශනා කලේ මොකටද කියලා. බුදුන්වහන්සේ දේශනා කරලා තියෙන බෝධි පූජා වලින් ලැබෙන ආනිසංස ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න. කොහොම නමුත් මොන ආගමක හෝ වේවා තමුන්ට කරදරයක්, අනතුරක් උපද්‍රවයක් උනාම හැමෝම තමුන්ගේ ආගම සිහිකරලා සහනයක් බලාපොරොත්තු වෙනවා. එක ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු හැමෝම කරන දෙයක්. ඔයා විශ්වාස කරන්නේ නැති උනාට කමක් නැහැ. අනුන්ට දොස් කියන්න එපා.

:       147       512

ටි ඉන්දික Thursday, 06 February 2020 11:43 AM

රවී, මේ සංගමය මේ වගේ දෙයක් කරපු එක හොඳයි. එයාලා කොහොමත් කියල තියන හැටියට චිනය සමග සම්බන්ධතා දක්වන අය. හැබැයි අපේ රටේ සංස්කෘතිය අනුව ඇමරිකාවට ගහපු වෙලාවේ ඕස්ට්‍රේලියාව අපාදා වෙලාවේ වැඩ කළා. අධ්‍යාත්මික වශයෙන් ඒක කොච්චර හොඳද කියල අවබෝධ කර ගන්න බැරි වුන ඒක ඒච්චරම හොඳ දෙයක් නෙවේ. මෙය රටක රාජ්‍ය ත්‍රාන්ත්‍රික අතිනුත් වැදගත්.

:       229       1059

සමන් ඕස්ට්‍රේලියාව Friday, 07 February 2020 12:48 AM

දැන් බයවෙන්න දෙයක් නැහැ. බෝධිපූජාවක් කලානේ.

:       230       22

eresh S kumara Friday, 07 February 2020 03:20 AM

ඔය චීන්නුන්ට දකින දකින හැම සතාම කන්නේ නැතුව ඉන්නවා නම් වඩා හොදයි

:       13       10

amila Friday, 07 February 2020 05:33 AM

පුදුම වහල්ලු තොගයක්නේ ලංකාවේ ඉන්නේ. ඔය කොරෝනා විෂ බීජෙට පිළියමක් හොයාගන්න ගොන් හරක්.

:       70       14

RanFriday, 07 February 2020 06:56 AM

බෝධි පූජා පැවැත්වීම වහල්කමක්ද?

:       9       88

Rohana Friday, 07 February 2020 06:36 AM

මෙය අධ්‍යාත්මික කටයුත්තක් මිස කොරෝනා මර්ධනය කර රෝග සුවකළ හැකි බෙහෙතක් නොවේ.

:       13       25

jayath Friday, 07 February 2020 07:26 AM

මේවා ආත්ම ශක්තියක් නැති අයගේ වැඩ මිසක් බුදු දර්ශනය නොවේ. ඒ දර්ශනය ආගමක් බවට හරවාගත්තේ මේ වගේ ඒකෙන් බඩ ගොස්තරේ හොයාගන්න උදවිය තමයි. මේ බොඩි පූජා , යන්ත්‍ර මන්ත්‍ර, කේන්දර ඔක්කොම මිත්‍යාවල්, කවුරුහරි එහෙම නැහැ කියනවානම් ඔප්පු කරලා පෙන්නන්න මම සූදානම්.

:       367       161

RanFriday, 07 February 2020 09:47 PM

ජයලත්, පොඩ්ඩක් මතක් කරන්න බලන්න බුදුන් වහන්සේ දේශනා කලේ කොහොමද කියලා... උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු වන්දනා කර පහන් සංවේග ඇතිකරගත යුතු ස්ථාන වලින් දෙවැනි එක මොකක්ද? විද්‍යාවට හැමදේම බාර දෙන්න එපා. විද්‍යාවට තවම ඔප්පුකරගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ලෝකේ තියෙන දේවල් වලින් 5%ක් විතර ප්‍රමාණයක් පමණි. ඒ බව ලෝක ප්‍රකට විද්‍යාඥයින් පවා පිලි අරගෙන තියෙනවා.

:       63       307

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site