IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කොරොනා නසන මෙහෙයුමට මහමෙව්නා අසපුවත් එක් වෙයි

(පී.එම්. රාජපක්ෂ සහ චමිල් රූපසිංහ)

මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ විශේෂ ප්‍රතිකාර ඒකකයක් සහිතව රෝගීන් දහසක් සඳහා ඉදිකළ කෝවිඩ් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත භාර දීම අද (12) සිදු කෙරිණි.

කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ විහාරාධිකාරී නාලන්දේ පවර ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය යටතේ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත පැවරීම සිදු කෙරේ.

මේ සඳහා රුපියල් මිලියන 12 ක වියදමක් දරා ඇති අතර මධ්‍යම පළාතේ මෙතෙක් ක්‍රියාත්මක විශාලතම කෝවිඩ් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය වන අතර සදහා සියලු පහසුකම් වලින් මෙම මධ්‍යස්ථානය සමන්විත වේ.

මෙහි සියලු ඉදිකිරිම් සහ නඩත්තු කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වන සේනාංකය  ඉටු කර ඇති අතර මාස් හෝල්ඩින්ස් ආයතනය විසින් මුල්‍යමය දායකත්ව ද මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් ගේ අධීක්ෂණය යටතේ සියලු ඉදිකිරීම් සිදු කර ඇත.

 



අදහස් (2)

කොරොනා නසන මෙහෙයුමට මහමෙව්නා අසපුවත් එක් වෙයි

kamal Sunday, 13 June 2021 08:26 AM

කොරෝනාව පාලනය කරන්නට උනන්දු නොවීමේ විපාක තමයි මේ..!!! 

:       720       217

අතුල සෞදි Sunday, 13 June 2021 03:42 PM

අඳුරට සාප නොකර එක පහනක් හෝ දල්වන්න. විශේෂයෙන් මාස්ක් හෝල්ඩින්ග්ස් ආයතනයට හා මූලිකත්වය ගත් මහමෙව්නා අසපුව ඇතුළු සැමට පිං...!!!

:       60       819

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17827 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site