IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනාවට වැට බඳින්නට නිකවැරටිය ජනයාට අඬබෙරයක්

 

( ප්‍රියානි මංගලිකා )

නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයෙන්  කොරෝනා ආසාදිතයන් 8 දෙනෙකු වාර්තා වීමෙන් සහ සහ ඔවුන් නගරයේ සැරිසැරීම නිසා ඇතිව තිබෙන දැඩි අවදානම් තත්වය පිළිබඳව ජනතාව දැනුවත්කිරීම සඳහා අද(06) නිකවැරටිය "පැහැසර "  පරිසර සංවිධානය  විසින් අඬබෙරයක් ගසමින් නගරයේ ගමන් ගන්නා ලදී.

මෙහිදී මුබ ආවරණ නොමැතිව මුහුනේ ලේන්සු ගැටගසා ගෙන සිටි පිරිස් වෙත මුඛ ආවරණ ලබා දීමද , පවතින අවදානම පිළිබඳව අත් පත්‍රිකා බෙදා  දීමද  සිදු කෙරිණි.          

රට පුරාම ජනතාව මුහුණ දෙමින් සිටින භයානක ⁣කොරෝනා වයිරස වසංගත තත්වයෙන් රට මුදා ගැනීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිතා කරන ලෙසද ,නිකරුනේ නගරයට පැමිණීමෙන් වැලකී කොරෝනා මර්දන මෙහෙයුමට සහය දක්වන ලෙසද පැහැසර පරිසර සංවිධානය ජනතාවට දැනුම් දුන්නේය.

නිකවැරටිය නගර සීමාව ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි .



අදහස් (3)

කොරෝනාවට වැට බඳින්නට නිකවැරටිය ජනයාට අඬබෙරයක්

Sumith Rathugamage Wednesday, 06 May 2020 08:29 AM

කවුද අර අනුන්ට මුඛ ආවරණ පළඳන මනුස්සයා?

:       22       9

PradeepWednesday, 06 May 2020 01:13 PM

කරන්නේ කවුද කියලා හොයනවට වැඩිය කරන්නේ මොකක්ද කියලා බැලුවනම් නේද හොද..? කවුරු කලත් හොද දේට හොද කියන්නත්, වැරදි දේට වැරදියි කියන්නත් හුරු වෙමු.

:       0       12

P. de Silva Wednesday, 06 May 2020 01:04 PM

පොලිසියෙන් නීති කැඩූ අය දණ ගස්වුවිට ඉන්දියාව කොපි කාලයයි... කියූ රජය මෙවැනි මෝඩ ඉන්දියානු දෙයක් කල පසු ගන්නා ක්‍රියා කුමක් විය යුතුද ? අප රට ජනතාව ඉන්දීය ජනය සේ මෝඩ නැත . උගතුන් පවා අනුනුන් කොපි කල විට කුමන කතාද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site