IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


කන්දන්කුලම් වැව රැකගන්න බැම්ම කපයි

 

(සිතුම් චතුරංග)
       
ජලය කාන්දුවීම හේතුවෙන් කැඩීයාමේ අවදානමක් මතුව තිබෙන කිලිනොච්චිය, කන්දන්කුලම් වැව ආරක්ෂා කිරීම සඳහා අද (22) එහි වැව් බැම්ම කපා ජලය ඉවත් කිරීමට පියවර ගත් බව කිලිනොච්චිය වාරි ඉංජිනේරු කාර්යාලය පැවසීය.

වැව කැඩීයාමේ අවදානම හේතුවෙන් කිලිනොච්චිය යුද හමුදාව හා ප්‍රදේශවාසීන් රාත්‍රියේ සිට වැලි කොට්ට යොදා වැව් බැම්ම ආරක්ෂා කිරීමේ මෙහෙයුමක නිරතවූ අතර ඒ සඳහා වැලිකොට්ට 2000 අධික සංඛ්‍යාවක් වැව් බැම්ම මත ආරක්ෂාවට යෙදවීම සිදුකෙරිණි.
       
වැලිකොට්ට යොදා ජලය කාන්දුවීම වළක්වා ගැනීමට නොහැකිවීමෙන් වැව පහළ තිබෙන වගාබිම් හා ඒ ආශ්‍රිත  නිවාස ආපදාවෙන් ගලවා ගැනීම සඳහා වැව් බැම්ම කපා ජලය ඉවත් කිරීම සිදුකළ බව වාරි ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.

කන්දන්කුලම වැවේ සොරොව්ව අසල ජල කාන්දුවක් පවතින බවට ප්‍රදේශවාසීන් කළ දැනුවත් කිරීම අනුව ආපදා කළමනාකරණ ඒකකය, කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය හා  දිස්ත්‍රික් වාරිමාර්ග නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වැලිකොට්ට යොදා වැව ආරක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.

කන්දන්කුලම වැව යටතේ කුඹුරු අක්කර 1000 කට අධික ප්‍රමාණයක් පවතින අතර වැවේ ජල කාන්දුව හේතුවෙන් වැව කැඩී ගියහොත් එම කුඹුරු සියල්ල විනාශවීමේ අවදානමක් මතුව පැවති බව දිස්ත්‍රික් වාරි ඉංජිනේරු කාර්යාලය පැවසීය.

ජලකාන්දුව වළක්වා ගැනීම සඳහා වැලි කොට්ට යොදා වැව ඇතුළතින් වැව් බැම්ම ආරක්ෂා කරගැනීමට පියවරගත යුතු බවත් එ අනුව අද (22) දිනයේත් වැව් බැම්ම ආරක්ෂා කරගැනීමට හා ජලකාන්දුව වළක්වා ගැනීම සඳහා වැලිකොට්ට යෙදීම සිදුකෙරිණි.

කිලිනොච්චිය 571 වැනි බලසේනා මූලස්ථානයේ යුද හමුදා සෙබලුන්, ප්‍රදේශවාසීන් හා අපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් කන්දන්කුලම් වැව ආරක්ෂා කිරීමේ මෙහෙයුම සඳහා එක්ව සිටියහ.



අදහස් (0)

කන්දන්කුලම් වැව රැකගන්න බැම්ම කපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 138 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 609 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1026 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site