IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


කන්ටේනරයක් පෙරළී කැළණියේදී නුවර පාර අවහිර වෙයි

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පෑලියගොඩ - තොරණ හන්දිය - වෙදමුල්ල සංඥා පුවරුව අසල දී කන්ටේනර් රථයක් පෙරළී ඇති බව පොලිසිය පවසයි.

ඒ හේතුවෙන් කොළඹ - නුවර  මාර්ගයේ කොළඹ දෙසට වන මං තීරුව අවහිර වී  දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ. කන්ටේනරය එම ස්ථානයෙන් ඉවත් කිරිමට කටයුතු කරමින් සිටින බව පොලිසිය කියයි.

(ඡායාරූපය - ශාන්ත සෙනෙවිරත්න)

 



අදහස් (9)

කන්ටේනරයක් පෙරළී කැළණියේදී නුවර පාර අවහිර වෙයි

Roshan Wednesday, 05 April 2017 06:08 AM

කන්ටේනර් ප්‍රවාහනය දුම්රියෙන් කල යුතුය. මුළු ලෝකයේම කරන්නේ එකයි. කොමිස් ලබන දේශපාලකයින් , මිනිස්සු මහ මග මැරුණත් මෙවැනි දේ නොකරනු ඇත.

:       2       138

sam Wednesday, 05 April 2017 07:03 AM

රොෂාන් ඔබගේ අදහස හොඳයි . නමුත් ප්‍රායෝගිකව ඒක කරන්න අමාරුයි . වරායේ ඉඳලා දුම්රිය අංගනයටත් නැවත ගමනාන්තය අසල දුම්රිය පොලේ සිට නියමිත ගමනාන්තය දක්වාත් දෙවරක් ලොරි කුලියට ගන්නවාට වඩා ඒක ලොරියකින් මුළු ගමනම යන එක පහසුයි .ඒ හැර දුම්රිය සේවකයින් එක්ක වරක් දෙකක් ගනුදෙනු කලාට පසු ව්‍යාපාරිකයන් නැවත කිසිදාක දුම්රියෙන් මේවා ප්‍රවාහනය කරන්න යන්නේ නැහැ .

:       1       77

සංජීව - හොරණ Wednesday, 05 April 2017 07:30 AM

කන්ටේනර් ධාවනය රාත්‍රී 10ත් අලුයම 5ත් අතර කාලයට සීමා කල යුතුයි.. බොහෝ දිනවලට ඉගුරුකඩේ හංදියෙ කෝච්චිය වගෙ කන්ටේනර් පෝලිම.. කලර් ලයිට් තුන් වතාවක් පත්තු උනත් වෙනත් වාහනවලට යන්න බැරිවෙන වෙලාවල් තියෙනවා කන්ටේනර් පාර හරහ නිසා..

:       1       31

raviThursday, 06 April 2017 08:38 AM

රොෂාන්ගේ කතාව 50% හරි , වරායේ නැව් එන වෙලාවල් තියෙනවා. ඒ අනුව කාල සීමා පනවල තියෙන විදිහට තමා කන්ටේනර්ස් යවන්නේ, එමගින් දුම්රිය භාවිතා කිරීම තරමක් අපහුයි. නමුත් වාහන වැනි දේ ප්‍රවාහනය කල හැකි නිසා එය දැනටත් කරනවා. වරාය තෙක් දුම්රිය මාර්ගයක් UNP ආණ්ඩු කලේ හැදුව එකේ දැන් පැල්පත් ගහගෙන ඉන්නේ . අපේ රටේ බොහොමයක් දේවල් මුල සිටම හදන්න වෙලා... එත් ඒවා හදන්න දේශපාලනය කරන කට්ටියට උවමනාවක් නැහැ. ඔවුන් කොමිස් මත තමා තීරණ වෙනස් කරනවා , සාමාන්‍ය ජනතාව පාරේ දුක් විඳිනවා..

:       0       8

arschfikaa Wednesday, 05 April 2017 07:54 AM

දුම්රිය පාරවල් ලංකා හැමතැනටම නැතිබව ඔබ දන්නේ නැද්ද රොෂාන්?මේ දේශපාලුවෝ දුම්රිය මාර්ගවල් හැමතැනටම දාන්නේ නැත්තෙ,එමගින් මිනිස්සු පහසුවෙන් යතී කියල බයටය

:       4       35

roshan Wednesday, 05 April 2017 10:01 AM

ක්‍රම දෙකක් ඇත, කර්මාන්තපුර තෙක් දුම්රිය මාර්ගය ඉදි කිරීම. කොළඹින් පිටතට දුම්රියෙන් ගෙන ගොස් එතනින් ලොරි වලට බෙදා හැරීම. මෙය එක උදාහරණයක් විතරයි. අපි දුක් විදින්නේ ආකල්පමය ප්‍රශ්නයක් නිසා මිසක් සල්ලි නැති හින්ද නෙමෙයි.

:       0       5

සතයපාල Wednesday, 05 April 2017 12:08 PM

රොෂාන් ගේ කතාව හරි දැනටමත් කොළඹ වරායේ සිට පිටතට දිවෙන දුම්රිය මාර්ගයක් තිබෙනවා ,කටුණායක නිදහස් වෙලද කලාපය අසලින් හා කොග්ගල නිදහස් කලාපය අසලින්ද දුම්රිය මාර්ගය යනවා මේවා පාවිච්චි කරලා කන්ටේනර් ප්‍රවාහනය ආරම්භ කලහොත් ප්‍රධාන වශයෙන් මාර්ග තදබදය අඩු වෙන අතර විදිමත්ව සැලසුම් සහගතව කටයුතු කලහොත් කන්ටේනර් ප්‍රවාහනය සදහා යන වියදමත් අඩුවන අතර රටේ ඉන්දන පාරිභෝජනය අඩුවීම හේතුවෙන් විදේශිය විනිමයද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉතිරි කර ගත හැකිවනු ඇත.

:       0       3

ranjan Wednesday, 05 April 2017 01:11 PM

ලංකාවේ දුම්රිය පාරවල් තියන්නේ ගෙවල්වලටත් යන්නේ මහා පාරේ මේවා වෙනස් කරන්න කිසිවෙකුට අවශ්‍ය නැහැ

:       0       0

hewa Friday, 07 April 2017 12:01 AM

ලෝකයේ දියුණු රටක නම් පොලිස් ආරක්ෂක වාහන දහයක් පහළොවක් මෙතනට ඇවිල්ල

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1709 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site