IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


කතරගම ‘වාසනා‘ ඇසළ මංගල්‍යට සැරසෙයි

(කේ.ඩි දේවපි‍්‍රය )  

          
කතරගම දේවාලයට අයත් වාසනා හස්තියා මාස හතරක කාලයක් ගසක බැඳ සිට   ඇසළ මංගල්‍ය සඳහා  අද  (08) උදෑසන සුභ මොහොතින්  ඇතා ගසින් ලිහා දැමීය.
 
මහා වනයේ සිටින අලි ඇතුන්ට මෙන්ම කතරගම දේවාලයේ අලි ඇතුන්ට ද කම්බුල් තෙමීම  හෙවත් මද කිපීම  නම් රෝගයට වසරකට වරක් ලක්වේ.
 
 රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා ද මාස 04 ක කාලයක් සිට ගස් බැද තැබීම වසරකට වරක් සිදුවේ.ඇතා ගේ කන් තෙමීමේ  රෝගය සුව වීමෙන් පසුව සුභ මොහොතින් බඳන ලද යදම් වැල් වලින් මුදවා කඳ සුරිදුගේ පෙරහර මංගල්‍ය සඳහා සුදානම් කරවනු ලබන්නේ අපුරු චාරිත‍්‍ර වීදි අනුගමනය කරමින්ය.
 
ඇතා ඉදිරි පිට කිරි මුට්ටියක් උතුරවාලී මෙන් පසුව බැද තැබු යදම් ගලවා ,ඇතා නහවා, කැවුම් කිරිබත් පළතුරු ආහාරයට ලබා දීම සිදු කරනවා. මෙම අවස්ථාවේදී ,මඟුල් ගෙදරක මෙන් පැමිණ සිටි සැමට අලි වාඩියේ භෝජන සංග‍්‍රහයක්ද සංවිධානය කරනු ලබන අතර පැමිණ සිටින සැවොම කැවුම් කිරිබත් කා ඇත් ගොව්වාට මුදල් තෑගි ද ලබා  දෙති.

 

 



අදහස් (9)

කතරගම ‘වාසනා‘ ඇසළ මංගල්‍යට සැරසෙයි

kumar (Gulf) Sunday, 08 July 2018 08:48 AM

මේ සත්තු නිකන් ලෙඩවෙලා අකාලයේ මියැදෙනවා. අලියෙක් දවසකට කිලෝ මීටර 5ක් විතරවත් ඇවිදින්න ඕනෑලු. ඉතින් මේ සත්තු මාස හතරක් බැඳලා තිබුණාම හරිද? කැලේ ලොකු ප්‍රදේශයක් ආරක්ෂා කරලා සතුන්ට මදකිපෙන කාලේට නිදහසේ ඉන්න සැලසිය යුතුයි.

:       13       331

ලුම්බිණි Sunday, 08 July 2018 09:02 AM

මේ සතාගේ කකුල් වල තිබෙන දම්වැල් ගැන කාටවත් දුක හිතෙන බවක් පෙනෙන්නේ නැහැ.

:       153       214

Nuwan Sunday, 08 July 2018 09:57 AM

මාස 04ක කාලයක් ගසක බැඳ සිට ඇසළ මංගල්‍යය සඳහා අද (08) උදෑසන සුබ මොහොතින් ඇතා ගසින් ලිහා දැමීය. මේ කියලා තියෙන්නේ සියලුම ආකාරයේ සත්ව හිංසන මස් කෑම ඇතුළුව ලංකාවෙන් තුරන් කරන්න ඕනෑ. සැමදෙනාටම නිදහසේ ජීවත්වෙන්න අයිතියක් ඇත.

:       6       101

සංජිව Sunday, 08 July 2018 12:33 PM

මද කිපීම කියන්නේ රෝගයක් කියලා කවුද කියන්නේ? අනික දැන් මේ වගේ ඇත්තු හිරකරගෙන ඉන්න අය කෑගහනවා රටේ පෙරහැරක ගෙනියන්න වත් ඇත්තු නැහැ කියලා. ඒකට හේතුව තමයි මේ ඉන්න ඇත්තු ටිකට ඒ අයගේ වර්ගයා බිහිකිරීමේ කාර්යය නිදහසේ කරන්න ඉඩ නොදෙන එක.... මේ වගේ බැඳ තබලා.

:       6       108

Maheshika Sunday, 08 July 2018 02:11 PM

කැලේ ඉන්න ඕනෑ සත්තු... මේ සත්තු මෙහෙම දුක් විඳින්නේ හුදෙක් මහජනයාව සතුටු කරන්න. එක දවසක් ගහක බැඳලා ඉන්න පුළුවන්ද අපිට? සත්තුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න ඔවුන්ට හැකියාවක් නැහැ. නමුත් සතුන්ගේ දුක හඳුනන මිනිසුන්ට සතුන්ගේ අයතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න පුළුවන්.

:       1       306

Mahendaran Sunday, 08 July 2018 02:36 PM

මද කිපෙන කාලෙට ඇතාට අවශ්‍ය දේ කරගන්න ක්‍රමයක් නැහැ. පව් ගෙවනවා ගස්වල බැඳලා තියාගෙන... පහුගිය දවස්වල විජයකලාටත් වුනේ ඕකමනේ...ඉන්න තැනවත් බැලුවේ නැහැ.. ඔහේ කට ඇරියා.

:       1       370

chamalMonday, 09 July 2018 05:13 AM

කටේ මසුරන් දාන්න ඕන කතාව. අයියෝ විජයකළ මදැයි කොලා

:       0       100

kasagala Monday, 09 July 2018 08:09 AM

බම්බුව තමා. එහෙනම් මිනිසුන්ගේ ඔය අමාරුවත් ලෙඩක් නිසා ඔක්කොම මිනිස්සු ගස් බැඳලා දාන්නා ඕනේ හැමදාම !!!

:       1       97

සංජීව Tuesday, 10 July 2018 09:35 AM

සාදු කියන්න පින්වතුනී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site