(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටුව අද (17) උදෑසන ස්වයංක්‍රීයව විවෘත වී ඇත.
ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (16) සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කොත්මලේ ජල මට්ටම ඉහළ යාම නිසා ජලාශ වේල්ලේ ස්වයංක්‍රිය වාන් දොරටුව ස්වයංක්‍රියව විවෘත වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරු කියා සිටියහ.
එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු විවෘත කිරිමට සිදු වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සහ කොත්මලාඔයේ ජලය පරිහරණය කරන අය සැළකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
මේ අතර කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලටද ඇද හැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පැවසූහ.








2025 දෙසැම්බර් මස 18
195
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොත්මලේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වෙයි