IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොත්මලේ ජලාශයේ වාන් දොරටු 2ක් අරියි

(රංජිත් රාජපක්ෂ)                       
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව විදුලි බල  මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.

 
ගත වූ පැය 24  තුළ මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 8.3 කින්ද ඉහළ ගොස් ඇති අතර එහි මේ වනවිට සමස්ත ජල ධාරිතාව 51% දක්වා ඉහළ ගොස් ඇති බවත්, කාසල්රි ජලාශයේ ජල ධාරිතාව අඩි 8 කින් ඉහළ ගොස් එහි සමස්ත ජල ධාරිතාව 37% දක්වා ඉහල ගොස් ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
 
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 2ක් තවදුරටත් විවෘත කර ඇති අතර එම ජල පෝෂක ප්‍රදේශයට තවදුරටත් වැසි ලැබුණහොත්  සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස  පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම විදුලි බලාගාර ඉන්ජිනේරුවරු ඉල්ලා  සිටිති.
 
මේ අතර ඊයේ (19) රාත්‍රියේ මධ්‍යම කඳුකරය හරහා හමා ගිය දැඩි සුළඟ හේතුවෙන් අධිබලැති විදුලි රැහන් පද්ධති මතට විශාල ගස් අතු කඩා වැටීම හේතුවෙන් විදුලි රැහන්වලට අලාභ හානි සිදු වි  ඇති බවත්, එම තත්වය මත හැටන්, බගවන්තලාව, නොර්වුඩ් ඇතුළු ප්‍රදේශ රැසක විදුලි බලය ඇණ හිට ඇති බවද  විදුලි බල  මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.
 
එසේ ඇණහිට ඇති විදුලි බලය කඩනමින්  ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවද එම  නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

(ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

කොත්මලේ

 

මවුස්සාකැලේ



අදහස් (0)

කොත්මලේ ජලාශයේ වාන් දොරටු 2ක් අරියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site