IMG-LOGO

කිතුණු පුතුන් 5කට පූජක සේවාවරම්

(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු‍)
          
කිතුණු පුතුන් 5 දෙනෙකු වෙත පූජක සේවාවරම් ලබා දීමේ විශේෂ දිව්‍ය පූජා මෙහෙයක්  (01) පෙරවරු  කාර්මෙල් දේව මාතාවන් නමින් කැපකර ඇති හලාවත ආසන දෙව් මැදුරේදී හලාවත රදගුරු අති උතුම් දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්දිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්
පැවැත්විණි.

මේ වනවිට තේවාචාරීන් වශයෙන් කටයුතු කරන දංකොටුවේ ටෙක්සි ප්‍රිමාල් ජෝශප් පිල්ලේ, යක්කඩුවේ සියඹලාපිටියගේ රංගන සඳරුවන්, ඉරණවිල පරදකුල චාමිල ප්‍රියංග ටිරාන්දු, මීගමුව පිටිපන මිහිඳුකුලසුරිය ඉරේෂ් චතුරංග ප්‍රනාන්දු , කිරින්දේගම වර්ණකුලසූරිය මාක් වැලන්ස් ප්‍රනාන්දු යන කිතුණු පුතුන් පස් දෙනා මෙහිදී ගිහි ජීවිතයට සමුදී සිය දෙමාපියන්ගෙන් අවසර ලබා මෙම පුතුන් හලාවත අද ගුරුහිමිපාණන් හමුවේ දිවුරුම් සමිඳාණන්ගේ මිදි උයනේ සේවය කිරීමට කැපවන බවට පොරොන්දු වෙමින් පූජක සේවාවරම් ලැබුහ.
 
මෙම දිව්‍ය පූජා මෙහෙය පැවැත්වීම සඳහා හලාවත පදවි අනුනායක  ප්‍රසාද් චමින්ද පියතුමාණන් සහ මහනුවර අම්පිටිය ජාතික දෙව්සත් හලේ අධ්‍යක්ෂ එක්ස්පෙඩ්ටස් ජයකොඩි පියතුමාණන් සහය වුහ. නවක පූජක පුතුන්ගේ දෙමාපියන්, ඥාතින්, හිතවතුන් මෙන්ම හලාවත පදවියේ සියළු කිතුණු  පූජකවරුන් කන්‍යා සොයුරියන්ද මෙම අවස්ථාවට එක්විය.

 මෙම නවක පූජක පුතුන්  හලාවත කිතුණු පදවියේ මීසම් වල දේව සේවය සඳහා අනුයුක්ත  කරනු ඇත.



අදහස් (10)

කිතුණු පුතුන් 5කට පූජක සේවාවරම්

අභීත එදිරිසිංහ Saturday, 01 February 2020 02:23 PM

මේ සිංහල බෞද්ධ රටේ මෙව්වට ඉඩදෙන්න බැහැ.

:       573       24

jayasekaraMonday, 03 February 2020 05:07 AM

කැත අප්‍රසන්න විවේචන එපා. මම සිංහල බෞද්ධයෙක්. බුදු පියාණන්වහන්සේත් අන්‍ය ආගම් ඉවසා වදාරපු කෙනෙක්...... ඔවුන්ගේ ආගම් ඇදහීමට ව්‍යවස්ථාවෙන් අවසර ඇත. අපි ඔවුන්ට ආශීර්වාද කරමු. සැබෑ බොදුනුවන් එහෙමයි.

:       0       51

රත්නපාලMonday, 03 February 2020 10:11 AM

මේ ළඟදී සිංහල දරුපැටව් 100ක් මහණ කළා..! ඒ මොකටද.., නිවන් දක්කන්නද! - බෞද්ධ රටේ ඒක හොඳ දෙයක්ද?

:       0       3

සිංහල බෞද්ධ රට වැසියාMonday, 03 February 2020 01:20 PM

මේ කමෙන්ට් එක දාපු අභිත එදිරිසිංහ මේ රටේ වැසියෙක් ද කියලා සැකයි... ලංකාවේ ඉපිද ජීවත්වන ක්‍රිස්තු භක්තිකයින් බහුතරය "සිංහලය" සිංහලයින් බුදුදහම හෝ ක්‍රිස්තියානි දහම අදහති...!!!

:       0       17

Kumar (Gulf) Saturday, 01 February 2020 03:55 PM

මේ සාතන් වන්දනා කරන රෝමානු කතෝලිකයන් නේද?

:       1259       605

jayasekaraMonday, 03 February 2020 05:09 AM

ජරා අප්‍රසන්න කතා කියන්න එපා..... සියලුම පුජක ප්‍රසාදීන් වහන්සේලාට. තෙරුවන් සරණ ලැබේවා.... ආගමික කටයුතු කිරීමට ශක්තිය ලැබේවා.!

:       0       53

ගනේෂ්Monday, 03 February 2020 01:23 PM

ඉන්දියාවේ හින්දු දෙයියන් කප්පරක් අදහන කොච්චර සිංහල-බෞද්ධයින් මේ රටේ ඉන්නවද? ඔබත් ඉන් එක්කෙනෙක් නේද? අන් අයගේ දහමට නිගරු නොකරන්න...!

:       0       18

පහන් Sunday, 02 February 2020 07:59 AM

දේව සේවයට කැපවූ ඔබ සියළු දෙනාට සුබපැතුම්..! ඔබගේ දුෂ්කර ඉදිරි ගමනට දෙවි පිහිට නිරතුරුවම ලැබේවා...!

:       18       528

lalithm Monday, 03 February 2020 02:59 AM

මේ කිතුනු පුජ්‍ය පක්ෂයට බැඳෙන අයගේ වයස් සීමාවල් ගැන අවධානය යොමු කරන්න. ඔවුන් හොඳින් වැඩුණු වැඩිහිටි මට්ටමේ අය. අපේ පන්සල්වල මහණ කරන්නේ කිරි සුවඳ යන්තම් ඉක්මවූවන්. හය හතර නොතේරෙන පොඩ්ඩන්. පැවිදි ජීවිතයේ බරපතලකම තේරුම් යනකොට ඔවුන් උපැවිදි වෙනවා. ඉතින් සාසනය ඉතිරි වෙනවද? මේ තත්වය විග්‍රහ කරලා කුල දරුවන් මහණ කරන්න. කැත විවේචන වලින් බුදු දහම දියුණු වෙන්නේ නැහැ.

:       48       107

sam warn Monday, 03 February 2020 09:34 AM

මේ කරන්නේ මොකද්ද කියලා නොදන්නා අයට මේවා පෙන්වපු එක තමයි වැරැද්ද කියලයි මට හිතෙන්නේ.. කතෝලිකයෝ සතුන්ට වඳිනවා කියන එක්කෙනාගෙන් මම අහන්න කැමතියි. කවදාවත් දේවාලෙකට ගිහින් වැඳලම නැද්ද කියලා... අවුරුදු ගණනක් උපාධි මට්ටමේ අධ්‍යාපනයක් ලබපු සහ සුදුසුකම් ලබපු, තමන් කරන්නේ මොනවද කියලා අවබෝධයකින් වැඩකරපු කට්ටියක්.. ලංකාව සිංහල, බෞද්ධ නිසා මේවා ඕනෑ නැහැ කියන එක්කෙනා තමන් කරන්නේ කියන්නේ මොනවද කියලා කිසිම අවබෝධයක් නැතිබවත් පෙන්වනවා.. ඒකට අපේ බලවත් ශෝකය..!!!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 756 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site