









(කාංචන කුමාර ආරියදාස)
කන්ඩලම ජලාශය ඊයේ(5) පස්වරුවේ සිට වාන් ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති. ඉහළ ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ විශාල වශයෙන් ජලය අඩු වී තිබුණු කන්ඩලම ජලාශය පිරී මේ වන විට වාන් දැමීම ආරම්භවීම නිසා දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට යම් බාධාවක් එල්ල වී ඇතැයි මහවැලි නිලධාරීහු වැඩිදුරටත් පවසති.
කණ්ඩලම වැව වාන් දැමීමත් සමඟ විවිධ ප්‍රදේශවලින් පැමිණි බාල මහලු වැඩිහිටි බොහෝ දෙනෙක් වාන් ජලයෙන් සහ වැව් දිය නෑම, දිය කෙළියේ යෙදීම මෙන්ම වාන් ජලය මතින් යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ඉතා වේගයෙන් අනාරක්ෂිතව ගමන් කරති. කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් හිස්වැසුමක් හෝ නොමැතිව කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් යතුරුපැදිවල දමාගෙන ජලය ගලා යන ප්‍රධාන මාර්ගය හරහා ඔවුහු ගලායන ජලයේ එහාට මෙහාට ගමන් කරති.තරුණ පිරිස් ඉතාමත් අනාරක්ෂිත ආකාරයෙන් වාන් ජලයේ දිය නෑම වැවට පැනීම මෙන්ම විවිධ ජල ක්‍රීඩාවල නිරතවන අයුරු ද වැඩිහිටියන් ඉතාම කුඩා දරුවන් වඩාගෙන දැඩි අනාරක්ෂිත ආකාරයෙන් ප්‍රධාන වාන් බැම්ම මත ඇවිදිමින් සිටින අයුරුද දැකගැනීමට හැකි විය.
දඹුල්ල පොලිසියට අනියුක්ත මාතලේ දිස්ත්‍රික් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් දියනාන පිරිස් වෙත නිතර නිතර අවවාද ලබා දුන්නද මෙම පිරිස කිසිදු අවවාදයක් පිළිනොගනිති. විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටීම නිසා පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් පවතී.
මෙම ස්ථානයේ දිය නෑම සහ දියට බැසීම අනතුරුදායක ලෙස හුවා දැක්වෙන රතු පැහැති කොඩියක් ද පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සවි කොට තිබේ.මාතලේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ප්‍රධානී උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහ මහතා ප්‍රමුඛ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු කිහිපදෙනෙකුම කණ්ඩලම වැවේ ස්ථාන කීපයක ජීවිත බේරා ගැනීමේ සේවයේ යොදවා සිටිති.
ජීවිත අනතුරක් සිදුවීමට මත්තෙන් මෙය මැඩ පැවැත්වා ගත යුතු බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
190
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කණ්ඩලම වාන්දිය මතින් හිතුමතේ රිය පදවති
Raveendra Wednesday, 06 January 2021 04:47 AM
අප ලාංකිකයන් වැඩි පිරිස් ඉල්ලන් කෑමට අති දක්ෂ බැවින් තම තමන්ගේ ජීවිත වලින්ම ඉල්ලන් කා අද්දැකීම් ලබාගැනුමට මෙවන් පිරිස්වලට ඉඩදීම වඩාත් සුදුසු නොවන්නේද?
දිමුත් Wednesday, 06 January 2021 11:34 AM
එක්කෙනෙක් දෙන්නෙක් ගහගෙන ගියාම තේරෙයි.