IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කඩාවැටුණු ගොඩනැඟිල්ලට යටවූ තැනැත්තා බේරාගනී

(අමල් වික්‍රමරත්න, සිරංගිකා ලොකුකරවිට)

අහංගම, කතලුවේ දි  කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන් බුන් අතර සිරවී සිටි එක් පුද්ගලයෙක් මහත් පරිශ්‍රමයක් දරා අද දහවල් වනවිට බේරාගත් බව අහංගම පොලිසිය පවසයි.

ආපදා කළමනාකරණ ඒකකය, ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය, යුධ හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මොහු බේරා ගැනීමේ මෙහෙයුම සිදු කර ඇත. 

කඩා වැටුණු සුන්බුන් ඉවත් කර ඔහු බේරා ගැනීමට පැය කිහිපයක් ගත වූ බැවින් එම ස්ථානයට පැමිණි 1990 හදිසි ගිලන් රථ සේවයේ හෙදියන් ඔහු සිරවී සිටියදීම මූලික ප්‍රථමාධාර ලබාදීමට කටයුතු කර තිබිණි. මෙම අනතුරින් ඔහු ඇතුළු හත්දෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනුයේ අවිධිමත් ලෙස ඉදිකිරීම හේතුවෙන් මෙලෙස එම ගොඩනැගිල්ල කඩා වැටී ඇති බවයි. 

(ඡායාරූප - අමල් වික්‍රමරත්න)

 



අදහස් (3)

කඩාවැටුණු ගොඩනැඟිල්ලට යටවූ තැනැත්තා බේරාගනී

chinthaka Tuesday, 19 September 2017 05:14 AM

අනේ වාසනාවන්. දායක වූ සියල්ලන්ටම ගොඩක් පින් අත් වේවා.

:       0       21

shyamali Tuesday, 19 September 2017 05:42 AM

අපිට ගොඩක් ආඩම්බරයි අපේ රටේ මිනිස්සු ගැන. මොන තරහ තිබුණත්, මොන ප්‍රශ්න තිබුණත්, මොන ආර්ථික අපහසුකම් තිබුණත් කෙනෙක් කරදරේ වැටුණම අපේ ශ්‍රී ලංකික මිනිස්සු හැමෝම එක වගේ කටයුතු කරනවා.

:       0       19

kumar (galf)Tuesday, 19 September 2017 07:58 AM

බොහෝ හොඳ අය ඉන්නවා නමුත් ඒ අතරේ අමනුස්සයොත් ඉන්නවා. සුනාමි කාලයේ ළමයින්ව දූෂණය කළා, මාල කඩාගෙන වතුරට තල්ලු කෙරුවා. තව රට ගොඩක් හැදෙන්න ඕනා නීති ගරුකව.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site