IMG-LOGO

කඩුගන්නාව සහ බලන අතර ගල් කන්ද අවදානම්

(සෙනරත් බණ්ඩාර)

කඩුගන්නාව  සහ බලන  දුමිරියපොළ  අතර  ඉනිමග රවුම සිංහකට බින්ගෙයට අඩි 500යක් පමණ ඉහළින් ඉරිතලා  ඇති ගල් කන්ද  පහළ දුම්රිය මාර්ගයට සහ ඇති කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයටත් මහන්තේගම  ගම්මානයටත්  ඉතාමත් අවදානම් බව ප්‍රදේශවාසිහූ පෙන්වා දෙති.

ඉංග්‍රීසි පාලන සමයේ දුම්රිය මාර්ගය සකස් කිරීමේදී කන්ද ඉහළ අවදානම් සහිත මෙම ගල්කන්ද ආරක්ෂා කිරීමට ගල්වැටියක් බැඳ යකඩ මුක්කු ගසා ඇත

වසර 150ක් පමණ පැරණි බව කියන එම යකඩ කූරු දිරා පත් වී ඇත.පිපිරුමට ජලය ඇතුල් වීම වැලක්වීමට තාවකාලික පිළියමක් වශයෙන් තහඩුවලින් පීල්ලක් යොදා ඇති  අතර පසුකාලීනව එම පිපිරුම ඈත් වෙත්ම මුක්කු ගසා ඇති යකඩ කුරු දෙකක් නැවි පීල්ලද දිරාපත්වීමෙන් පසු නැවත අලුත් වැඩියා කර ඇත

ඉංග්‍රීසි පාලන සමයේ මෙම කන්ද නිරීක්ෂණයට කණ්ඩායම් යොදවා පැය 24 පුරාම සෝදිසි මෙහෙයුම් සිදුකළ බවත් කානු යොදා ජලය බැස යාමට සලස්වා ඇති බවත් විශ්‍රාමික දුම්රිය නිලධාරීහු පවසති.

මේ වන විට එම කටයුතු සිදුනොවෙන බවත් කානු කැළැවට යටවී ඇති නිසා මනා ලෙස ජලය බැස නොයන බවත් ඔවුහු පෙන්වා දෙති.
මෙම ගල් කන්ද කොයි මොහොතක හෝ පෙරළී යා හැකි බව පවසන ප්‍රදේශවාසීහූ විශාල  විනාශයක් වීමට පෙර බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවද පවසති.



අදහස් (7)

කඩුගන්නාව සහ බලන අතර ගල් කන්ද අවදානම්

ධම්ම Sunday, 18 June 2017 08:15 AM

පිපිරුමේ පහළ කොටස වහාම කඩා ඉවත් කරන්න. කොන්ත්‍රාත්තුව මට දෙන්න.

:       1       108

kumar (galf)Sunday, 18 June 2017 09:15 AM

හා හා ඔයාට දෙන්නේ කොහොමද කොන්තරාත්තුව... අපේ දේශපාලකයන්ගේ පරපුර ඉන්දෙද්දී....

:       2       275

janatha anura Sunday, 18 June 2017 08:50 AM

විශ්‍රාමික දුම්රිය නිලධාරීහු වැඩකරන කාලේ අඩි ගහනවා, බුදියනවා... කතාව තියල මේ මුක්කු ටික හරියට ගැහුවා නම් ඉවරයිනේ... ඕක කවදා හරි කඩා වැටේවි...!!! මේ සුද්දගේ කාලේ නොවේ රට කරන මිනිස්සුන්ට වැඩ තියෙනවා.

:       4       61

arschloch Sunday, 18 June 2017 11:27 AM

ඔය ඇතැම් නිලධාරීන් පඩි ගත්තාට වැඩ නැහැ... නිකම්ම කකා බිබී ඉන්නවා.. ඒ හින්දා මේවා බලන්න අයත් නැහැ.

:       3       104

udara Monday, 19 June 2017 06:49 AM

කඩුගන්නාව ස්ථිර මාර්ග අධීක්ෂණ කළමනාකරුගෙන් තොරතුරු විමසීමක් කළා නම් හොඳයි...

:       0       11

sanjeeva Monday, 19 June 2017 07:14 AM

සුද්දාට පලු පැලෙන්න බනිනවා. පතුරු ගහනවා.. බටහිර බලවේග කියනවා. හැබැයි සුද්දා කරපු දේ අපේ අය දිගටම කෙරුවා නම් මෙහෙම වෙන්නේ නැහැ නේ...

:       0       64

uddika Monday, 19 June 2017 10:35 AM

මටත් හිතෙන්නේ කඩුගන්නාව ස්ථිර මාර්ග අධීක්ෂණ කළමනාකරුගෙන් තොරතුරු විමසීමක් කළා නම් හොඳයි කියල තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 308 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 794 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site