IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කඩඉම් ලකුණු අසාධාරණ බව කියමින් සිසු සිසුවියෝ විරෝධතාවක   

 
(අනීෂා මානගේ)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ 2019 වර්ෂයේ කඩඉම් ලකුණු අනුව පැරැණි නිර්දේශය යටතේ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් අද(9) තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරියේදී විරෝධතාවක් පැවැත්විණි.

මෙම විරෝධතාව නිදහස් අධ්‍යාපනය සඳහා උදෙසා සිසු - ජන ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ අතර පසුගිය වර්ෂයේදී උසස්පෙළ විභාගයට පැරැණි නිර්දේශය යටතේ ඉදිරිපත් වී විශ්ව විද්‍යාල වරම් අහිමි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඔවුන්ගේ දෙමාපියන් මෙම විරෝධතාවට එක්වූහ.

පසුගිය වර්ෂයේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට පැරැණි නිර්දේශය යටතේ පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කඩඉම් ලකුණු අනුව අසාධාරණයක් සිදුව ඇතැයි විරෝධතාකරුවෝ කියති. තංගල්ල බස් මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් මොවුහු විරෝධතාවයේ නිරත වූහ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයකු වන වසන්ත මුදලිගේ පැවසූයේ, පැරැණි සහ නව විශය නිර්දේශ දෙකක් යටතේ පසුගිය 2019 වර්ෂයේදී උසස්පෙළ විභාගයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙනී සිටි අතර එක් එක් විෂය ධාරාවලින් විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා ළමයි ප්‍රමාණය ගැන රජයෙන් දැනුම් නොදුන් බවද එසේ තිබියදී විෂය ධාරා දෙකටම සමාන කඩයිම් ලකුණු ලබා දී ඇති බවයි. ගත හැකි ඉහළම ප්‍රථිඵල ලබාගෙන ඉහළ ඉසෙඩ් අගයක් ලබා ගත්තද විශ්ව විද්‍යාල වරම් අහිමි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටින බව ද ඔවුන් සියලු දෙනාම විශ්ව විද්‍යාලවලට ඇතුළු කරගන්නා ලෙසයි. 

තවද විශ්ව විද්‍යාලවලට ඇතුළු කරගන්නා ශිෂ්‍ය ප්‍රමාණය දෙගුණ කරන ලෙස ද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ. 

 



අදහස් (10)

කඩඉම් ලකුණු අසාධාරණ බව කියමින් සිසු සිසුවියෝ විරෝධතාවක   

Raveendra Monday, 09 November 2020 08:19 AM

පුතේ දුවේ ඔබලාගේ ඉල්ලීම් ඉතාමත්ම සාධාරණය.. එහි කිසිදු විවාදයක් නොමැත.. ඔබලාට සාධාරණයක් ඉෂ්ට වේවා යන්න අපගේද ප්‍රාර්ථනයයි.. එලෙසම ඔබලාගේ පසුපසින් සිටින බොරදියේ විජේවීර උන්නැහේට පනදෙන්න හදන කළුකුමාරයාගේ අන්තරේ කසිප්පුකාරයන්ගෙන් ඉතාමත් ප්‍රවේසම්වෙන්න.. (බැනර් වල ලියා තිබෙන වාක්‍යයන් හා ඒවා ලියා තිබෙන හැඩහුරුව අනුව එය මනාවට තේරුම්ගත හැක..) එලෙසම නිදහස් අධ්‍යාපනය යන්නෙහි නිසි තේරුම දැනගනුමට උපරිම උත්සහා ගන්නා ලෙසද කීමට කැමැත්තෙමු.. වයසින් මුහුකුරා ගියත් කලුකුමාරයා ප්‍රමුක අන්තරේ මෝඩ රැල නිදහස් අධ්‍යාපනය යන්නෙහි නිසි අර්ථය නොදන්නා බවනම් ස්ථිරය.

:       15       23

දොලේවත්තMonday, 09 November 2020 04:15 PM

මේ ප්‍රශ්නේ ගැන කතා කළේ ඔය කයිවාරු ගහන උන්නැහේ නෙමෙයි, ඔහේ කසිප්පු කාරයින් ලෙස හදුන්වන මිනිස්සු තමයි.... අනේ නිකං යන්න.. අනුර කුමාර තමයි පාර්ලිමේන්තුවෙ මේ ගැන කතා කළ එකම මිනිහා.... වහල් බවින් මිදෙන්න මහත්මයා.

:       16       20

RaveendraTuesday, 10 November 2020 03:02 AM

දොලේවත්ත "මහත්තයාගේ " අදහසට ගරු කරන්නෙමු. වහලුන් ලෙස තම ජිවිත ගතකරන්නේ කව්රුන්ද යන්න ඔබගේ අදහස්වලින් මනාලෙස පිලිබිඹු වන බව කිව යුතුය. තම තමන් වන්දනාමාන කරන පක්ෂය ඕනෑම බලු වැඩකට හොදයි කීමට තරමට ඔබ වැන්නන් කතා කිරීම සාමාන්‍ය සිරිතක් බව කිව යුතුය. අපට නම් ගෝඨාත්, සජි මලයත් කලුකුමාරයත් එකම පට්ටියේ සාමාජිකයන් ලෙස පෙනෙනවා හැර අරය හොදා, මෙයා නරකයි නොකියන්නෙමු. එනමුත් කව්රුන් හෝ හොද දෙය කරොත් අප එය නිහතමානිව අගයන්නෙමු. එලෙසම අවැඩක් නම් අප ඍජුවම එය විවේචනය කරන්නෙමු. නමුත් ඔබ වැන්නන්ට එසේ සිතීමටවත් බැරි බව ඔබගේ අදහස්වලින් තේරුම් ගත හැක. මක්නිසාදයත් "ඔබ කළුකුමාරයාගේ වහලෙක්" බැවිනි. සරසවිවල ඇතිවන සෑම අනවශ්‍ය ගැටළුවකටම ,සරසවි අධ්‍යාපනය සැමවිටම අඩාල කරන්නේද කලුකුමාරයා ප්‍රමුක රතු හැට්ටකාරයන්ගේ පක්කලියන් වන අන්තරේ මෝඩයන් බව ප්‍රසිද්ධ රහසක් වුවත් ඔබේ වැන්නන් එය නොදැනීම කනගාටුවකි. කලුකුමාරයා සහ නඩේ දිනෙන් දිනම මිනිසුන්ගෙන් ඈත්වෙන්නෙත් එනිසාම බවත් කලුකුමාරය නොදැනීම ඔහුගේ ඥාණය පිලිබදව ගැටළුවක් නොවේද?

:       14       17

RaveendraTuesday, 10 November 2020 03:28 AM

දොලේවත්ත "මහත්තයා" වෙත මෙයද සදහන් කිරීමට කැමැත්තෙමු.. කලුකුමාරයා ප්‍රමුක රතු හැට්ටකාරයන්ගේ ගේ අරමුණ තමන්ගේ පඹයන්, පක්කලියන් වන අන්තරේ කසිප්පුකාරයන් මාර්ගයෙන් මේ උත්සහ කරන්නේ මුළු ලංකාවේම උසස්පෙළ සිසුන්වත් නටවමින් අධ්‍යාපන පද්දතියම විනාශකරමින් තමන්ට කිසිදා නොලැබෙන බලය නමැති මීහරක් අං තට්ටුව ලබාගැනුමට බව පෙනෙන්නේ අපට පමණද? 1977 පෙර වකවානුවක "ජේ.ආර්" විසින් සියලුම පාසල් සිසුන් කුලප්පු කර මහා මාර්ගයට සිසුන් පැමිණ කල ඒ විරෝධය මතකයට එනවා. මෙයත් එවැනිම අදුරු සෙවනැල්ලක පෙරහුරුවක් නොවේද? බාල වයස්කාර නොදරුවන් කුලප්පු කර තමන්ට කිසිදා නොලැබෙන දේවල් ලබා ගැනුමට ක්‍රියා කිරීම නපුංසකයින්ගේ මෙන්ම වහලුන්ගේ මුලික ලක්ෂණයක් බව දොලේවත්ත "මහත්තයාට" දැන්වීමට කැමැත්තෙමු.

:       12       11

KooralageTuesday, 10 November 2020 04:52 AM

සහතික ඇත්ත... දොලේවත්ත. මෙ රවීන්ද්‍ර හොද ගොට්ටෙක් තමයි. කලු කුමාරලා තමයි. දියවන්නාවෙ ඉන්න හොරුන්ගෙ සල්ලි මංකොල්ල ගැන මහජනතාවට ලුණු ඇඹුල් ඇතිව කියලා දෙන එකම කෙනා. මෙකයි රවීන්ද්‍රට තියෙන එකම තරහ.

:       9       3

මුණසිංහ Monday, 09 November 2020 10:08 AM

විවිධ නම් වලින් පෙනී හිටින්නේ එකම කණ්ඩායමක්. කොහොම නමුත් කල යුත්තේ මෙය නෙවෙයි. බෝඩ් උස්සගෙන හිටියා කියල වැඩක් නැහැ. හැකි නම් නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. වැඩක් වෙන්නේ එතකොට. අනෙක විවිධ පලාත් වලට විවිධ වෙනස්කම් වෙලා තියෙන්නේ. එක පලාතකට නව නිර්දේශයට තවත් තැනක පැරැණි නිර්දේශයට.

:       6       27

ruchi Monday, 09 November 2020 02:32 PM

දැන් නුඹලා ඔහොම බෝඩ් උස්සන් කරන්න. දෙන්න කීවාම දෙන්න ඔන කියලද හිතන් ඉන්නේ...?

:       8       94

Ranasighe Friday, 13 November 2020 08:29 AM

නිදහස් අධ්‍යාපනය ගැන කතාකරන උදවිය ටියුෂන් නිසා දිළිඳු ළමයින්ට වී ඇති අසාධාරණය ගැන හීනයකින්වත් නොකියයි. සැබවින්ම බොරුකාරයින්...

:       0       0

සනත් කුමාර Friday, 13 November 2020 08:11 PM

ආණ්ඩුව මෝඩ වෙලා මේ පාර විශ්වවිද්‍යාලවලට 10500ක් වැඩිපුර ගන්නවා කියලා කියන්න ඉක්මන් වුණා වැඩියි. මේ කඩඉම් ලකුණු ප්‍රකාශ කරලා ප්‍රශ්න එන විදිය බලලා වැඩිපුර ගන්නවා කියලා කීවා නම් ඔය උද්ඝෝෂණ කරන්නේ නැහැ.

:       0       0

Charitha Saturday, 14 November 2020 03:22 AM

කතාව ඇත්ත. විභාගයත් නොතියා නිකන්ම විශ්ව විද්‍යාලයට යන්න සලස්වනවා නම් තමයි වඩාත්ම හොඳ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 82 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site