( වසන්ත චන්ද්‍රපාල)
ඔලුවිල් වරාය ඉදිකිරීමෙන් ඔලුවිල් ගම්මානය දැඩි මුහුදු ඛාදනයකට ලක්වෙන බව පවසා වරායේ වැලි ඉවත් නොකරන ලෙස ඉල්ලා එම ගම්මානයේ වැසියෝ ඔලුවිල් වරායේ පිවිසුම් දොරටුව අසල උද්ඝෝෂණයක නිරත වුහ.
ඔලුවිල් වරාය සෑමට පෙර මුහුදු ඛාදනයක් නොවු අතර දැනට ඔලුවිල් ගම්මානයේ අක්කර පහකට වැඩි භුමියක් මුහුදෙන් යටවි ඇති බවද ඔවුහු පවසති.
වරායේ ප්‍රදීපාගාරයද අනතුරුදායක තත්වයක පවතින අතර වරායට අයිති ගොඩනැගිලි කීපයක්ද අවදානම් තත්වයක් පවතින බව ගම්වැසියෝ කියති.
මේ දිනවල ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයට අයත් භුමිය දැඩි ලෙස මුහුදු ඛාදනයට ලක්වෙමින් පවතින අතර එය නැවත්විම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව කිසිම පියවරක් ගෙන නොමැති බවද ගම්වාසීහු චෝදනා කරති.
මේ වෙන විට පොල් ගස් දහස් ගණනක් මුහුදට ගසාගෙන ගොස් ඇති අතර වරායේ වැලි නැවත ඉවත් කළහොත් මුහුදු කෑම වැඩිවි ඔලුවිල් ගම්මානය මුලුමනින්ම විනාශ වෙන බවද ඔවුහු පැවසුහ.
මෙම තත්වය පැහැදිලි කර ගැනිමට වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුවේ අම්පාර ප්‍රදේශයේ නිලධාරියෙක් සම්බන්ධ කර ගැනිමට උත්සහ කළද එය අසාර්තක විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඔලුවිල් වරායේ වැලි ඉවත් නොකරන්නැයි උද්ඝෝෂණයක්
Raawana Wednesday, 10 October 2018 06:28 AM
දේශපාලන වාසි තකා, ඔය වරාය හදන්න යෝජනා කලේ ඔහෙලගෙ අශ්රොෆ් නායකයා නේද?
ravi Wednesday, 10 October 2018 12:38 PM
මේ තරම් ගල්පර තියන අපේ රටේ මේ ගල්පර මේ තැන් වලට ගෙනත් දැම්මනම් සහනයක් වෙයි නේද ..