IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


එළුවන්කුලම සපත්තු පාලම පුපුරායාම නිසා ගමනාගමනය නවතා දමයි

(  එච්. චන්දන )

 පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ එළුවන්කුළම  සපත්තු පාලම  පුපුරා යාම නිසා  එම මාර්ගයේ ගමනා ගමනය සම්පුර්ණයෙන්ම  නවතා දමා ඇතැයි පුත්තලම වාරිමාර්ග කාර්යාලය කියයි.

කළාඔය හරස් කර එළුවන්කුළම ප්‍රදේශයේ  වගා කටයුතු වලට හා පුත්තලම නගරයට ජලය රැගෙන ඒම සදහා මෙම කොස්වේ (සපත්තු පාලම ) ඉදිකොට ඇත.
 
පුත්තලම වාරිමාර්ග දෙපාර්තුමේන්තුවට අයත්  එළුවන්කුළම සපත්තු  පාලම යටින්  මීට මාස ගණනාවකට පෙර භූගත ජල කාන්දුවක් නිසා වාහන ගමනා ගමනය  නතර කර තිබූණි. 
 
ඉකුත්  දින වලදී  එම සපත්තු පාලම  පුපුරායාම  තත්වය තිවුර වූ බවත්  එම නිසා පාලමට සිදු වන හානිය අවම කිරීමට වහාන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම නතර කර දැමු බවත් මෙහි ප්‍රතිසංස්කරණ කටයතු මේ දිනවල සිදු කරණ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටිආරච්චි මහතා  පවසයි.
 
 මෙම මාර්ගය වසා දැමීම නිසා මාස තුනකට පසුව විවෘත කල  විල්පත්තු ජාතික වනෝද්‍යානය නැරඹීමට යාමට එළුවන්කුළම පිවිසුම අසට පැමිණි සංචාරකයින් , හෝටල් වලට පැමිණ නවාතැන් ගෙන සිටි  විශාල පිරිසක්  වෙනත් ප්‍රදේශවලින් විල්පත්තු වනෝද්‍යානයට පිටත් කර යැවු  බව  තම්බපණ්නී විල්පත්තු සපාරි සංගමයේ  ලේකම් සුරාජ් ගුණවර්ධණ මහතා පවසයි.

 



අදහස් (2)

එළුවන්කුලම සපත්තු පාලම පුපුරායාම නිසා ගමනාගමනය නවතා දමයි

විජිත් Tuesday, 16 June 2020 06:03 AM

යහපත්, බුද්ධිමත් රාජ්‍ය පාලකයෙකුට මේ සඳහා සුදුසු පියවර ගැනීමට අවශ්‍ය වන්නේ මිනිත්තු කිහිපයක් පමණයි.. ඒ සඳහා කළයුත්තේ මේ පාලමට සමාන්තරව ශක්තිමත් කොටස් ගැලවිය හැකි තාවකාලික "යකඩ" පාලමක් සාදන්නට වහාම ශ්‍රී ලංකා යුදහමුදාවේ ඉංජිනේරු බලකායේ සහාය ලබාගැනීමයි. ඒ අය මේ කාර්යය ඉතාම කෙටි කලකින් ... සමහර විට දින 3න් නිමකරාවි. ඔවුන්ට මේ විෂය පිළිබඳව බොහෝ අත්දැකීම් ඇති බව කවුරුත් දන්නා කරුණකි. හැබැයි, ඒ සමගම අබලන් වුණු පාලම ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹිය යුතු අතර එය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අය ලවා මිස පුද්ගලික කොන්ත්‍රාත්කරුවන් ලවා කරවා නොගත යුතුයි. ඒ කාර්යය පුද්ගලික ආයතනයකට බාරදුන්නොත්.. අනිවාර්යයෙන්ම... පාලමේ ප්‍රමිතිය පිළිබඳ ගැටළු රැසක් පැනනගීවි. මෝඩ, දුෂිත දේශපාලුවන්ගේ, අල්ලසට, දූෂණයට මුළුමනින්ම යටවූ මේ රටේ.. මේ පාලම පමණක් ඉන් ගිලිහේවිද....?

:       3       106

isurandi Tuesday, 16 June 2020 10:44 AM

විජිත් මහතා කිව්වත් වගේ මෙයා යුද හමුදාවට බාර දුන්නා නම් කෙටි කලකින් නිමා කරගන්න හැකිවේවි...

:       0       119

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site