IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එළිමහනේ අකුරු කරන සාමණේර හිමිවරු

(නිමල් ජයරත්න)
 
කන්දේගම ධනංජය රජමහා විහාරයේ සාගරමති පිරිවෙන් ශාලාව මෙතෙක් විවෘත නොකිරීමෙන් පිරිවෙනේ සාමණේර හිමිවරුන් 32නමක් එළිමහනේ පිරිවෙන් අධ්‍යාපනය ලබන බව විහාරාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය කන්දේගම දීපවංශාලංකාර නාහිමියෝ පවසති.
 
‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතිය මගින් රුපියල් කෝටියක වියදමින් මීට වසරකට පෙර පමණ ඉහතදී මෙම ශාලාව ඉදිකරන ලදී.
 
සාමණේර හිමිවරුන්ට එළිමහනේ ගස් යට,  වැලිමලුවේ ඉගෙනුම ලැබීමට සිදුව ඇති බවත්, මේ හේතුවෙන් වැසි දිනවලදී පිරිවෙන පවත්වාගෙන යාමට නොහැකිව ඇති බවත් පවසන දීපවංශාලාකාර හිමියෝ එය ඉක්මණින් විවෘත කරදෙන්නැයි ඉල්ලා සිටිති.
 
මේ සම්බන්ධයෙන් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් මහින්ද රත්නායක මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ, පිරිවෙන් ශාලාවට අවැසි විදුලිය ලබාදී, සෙසු අඩුපාඩුද සම්පූර්ණ කර, ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හැකි ඉක්මණින් ශාලාව විවෘත කිරීමට කටයුතු කරන බවය.



අදහස් (0)

එළිමහනේ අකුරු කරන සාමණේර හිමිවරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 204 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site