IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


එජාප නියෝජ්‍ය නායක-මහ ලේකම් ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගනිති


(දයාරත්න ඇඹෝගම)

 
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් රංග බණ්ඩාර යන මහත්වරු ඇතුළු මැතිඇමතිවරු පිරිසක් අද(27) ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබාගත්හ.
 
ඔවුහු ප්‍රථමයෙන් අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන පසුව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගනිමින් ආගමික වතාවත්වල නිරත වුහ.
 
ආගමික වතාවත්වලින් පසුව මාධ්‍යට අදහස් දක්වමින් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේ පැවසීය.
 
“පුරප්පාඩු වී පවතින පාර්ලිමේන්තුවේ අසුන සඳහා හරිවේලාවට තීරණයක් රැගෙන පුද්ගයෙකු පාර්ලිමේන්තුවට යවනවා. අපට එච්චර ලොකු හදිස්සියක් නැහැ. පාර්ලිමේන්තුවේ මොනවද වෙන්නේ කියලා අපි බලාගෙන හිටියා මෙච්චර කාලයක්. පාර්ලිමේන්තුවේ හැසිරීම පිළිබදවත් ජනතාවගේ විවේචනයට ලක්වී තිබෙනවා.
 
රට වැටී ඇති තත්වය පිළිබදව සලකා බලන විට අද අපට අවශ්‍යව ඇත්තේ තනතුරු නොවෙයි. අපි කවුරුත් මැදිහත් වෙලා රටේ ජනතාවට සේවය කිරීමයි. රටේ තත්වය පිළිබඳව විශාල කනගාටුවක් තිබෙනවා. රට සංවර්ධනය වෙමින් ඉදිරියට යයි කියලා තමයි අපි බලාපොරොත්තු වුණේ. එහෙත් දැන් ප්‍රශ්න ගැටළු රැසකට මුහුණදීමට සිදුවෙලා” යැයිද ඒ මහතා පැවසීය.
 
මෙම අවස්ථාවට හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංදිත් සමරසිංහ, සමන් රත්නම්ප්‍රිය, අනුරාධපුර එජාප සංවිධායක නීතිඥ කස්තුරි අනුරාධනායක යන මහත්වරු ඇතුළු එජාප ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.



අදහස් (5)

එජාප නියෝජ්‍ය නායක-මහ ලේකම් ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගනිති

suranga Wednesday, 27 January 2021 11:53 AM

දැන් අපිට එජාපයක් අවශ්‍ය නැහැ.

:       7       11

NaradaThursday, 28 January 2021 03:52 AM

සමගි ජන බලවේගයට වඩා හොඳයි.

:       6       2

vinivida Thursday, 28 January 2021 02:23 AM

ලංකාවේ සමස්ත දේශපාලන ක්‍රියාවලියේ ප්‍රබල වෙනසක් උදෙසා දේශීය මෙන්ම විදේශීය ශ්‍රී ලාංකිකයින් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට තිබේ. මේ වනවිට භික්ෂූන් වහන්සේලාට පවා රටට වෙනසක් අැතිවිය යුතුබව අවබෝධකොට ගෙන ඇත. ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමට මූලිකත්වය ගැනීම පමණක් නොව රටට අවශ්‍ය වෙනස සිදුවිය යුතුවන්නේ සිංහලයා, බෞද්ධයා පමණක් මූලික කොට නොව සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් බව භික්ෂූන් වහන්සේලා විසින් ජනතාවට අවබෝධ කළයුතුව ඇත. එවිට දේශපාලනය පහසු වේ. රටේ මුරදේවතාවුන් වශයෙන් හඳුන්වන භික්ෂූන් වහන්සේලා, අගරදගුරුතුමා, හින්දු සහ මුස්ලිම් පූජකතුමන්ලා සියලු දෙනා රට වෙනුවෙන් පළමුව එක මතයකට පැමිණිය යුතුවේ. ඔවුන් සියලු දෙනාම එක මතයකට පැමිණ එම මතය රටට හෙළි කල යුතුවේ. නව දේශපාලන සංස්කෘතියක් සහ රටට සැබෑ වෙනසක පදනම දැමිය හැකිවන්නේ එවිටයි, සුදුස්සාට සුදුසු තැන ලබාදෙන සැම ජාතියක්ම නියෝජනය වන තරුණ දේශපාලන කණ්ඩායමක් ඇතුළත් ජනතාවාදී රජයක් රටට බිහිකළ හැකිවේ. ජාතිබේද, අාගම්බේද නොමැතිව ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් යන චේතනාව රට තුළ ඇති කළහොත් සහ රටට ජාතිවාදී නොවන ජනතාවාදී අරගලයකට නායකත්වය ඉබේ මතුවනු ඇත.

:       1       0

pradeepa Thursday, 28 January 2021 06:21 AM

කෝ තාම බැරිවුණා ජාතික ලැයිස්තුවෙන් කෙනෙක් පත්කරන්න. තාමත් කොන්දක් නැද්ද තීරණයක් ගන්න..? එජාපය 0ටම ගිය එක මූලික හේතුවත් ඕක තමයි ...

:       0       8

NMThursday, 28 January 2021 11:59 AM

වර්තමාන පාර්ලිමේන්තුවට පත් නොවීමම එජාපය ලැබූ ජයග්‍රහණයක්...!!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 138 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 609 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1026 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site