(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
කොළඹ වරාය ආසන්නයේ මුහුදුබත්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත්කිරීම ආරම්භ කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම නෞකාව අදියර පහකින් ඉවත්කිරීමට විදේශීය නෞකා කැබලි කරන සමාගමක් මේ වන විට ආරම්භ කර ඇති බවත් කොළඹ වරාය ආසන්නයේ ඇති ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව දෙපසින් උපකරණ සහිත කුඩා නෞකා දෙකක් ද මේ වන විට ස්ථානගත කර ඇති බවත් එම නිලධාරියා කීය.
මුහුදු පතුගේ ගැටී ඇති නෞකාව දොඹකර මගින් ඔසවා ඉන්දියාවට, පාකිස්තානයට හෝ බංග්ලාදේශයට රැගෙන යෑමට නියමිත බව කී එම නිලධාරියා මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහයෝගය ලබාදෙන බව ද සඳහන් කළේය.
රසායනික ද්‍රව්‍ය අඩංගු බහලුම් ඇතුළු බහලුම් 1,500 කට ආසන්න ප්‍රමාණයක් සමඟ මෙම නෞකාව පසුගිය වසරේ මැයි මස 20 වැනිදා කොළඹ වරායට වයඹ දෙසින් මුහුදේදී ගිනිගැනීමට ලක්ව මුහුදුබත්වූ අතර පසුව එම නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත්කිරීමට යෑමේදී මුහුදු පතුලේ ගැටීමෙන් ඉවත්කිරීම ඇනහිටියේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘එක්ස්ප්‍රස් පර්ල්’ සුන්බුන් ඉවත්කිරීම අරඹයි