IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


උරුමය යටකරගෙන කළුගඟ ජලාශයේ ජල මට්ටම ඉහළ නගී

 

( ඉපැරණි ලග්ගල නගරයේ පිහිටි විහාරස්ථානයේ  බුදු පිළිම ජලයෙන් යට වී ඇති අයුරු) 

( ලග්ගල නගරයට පිවිසෙන ප්‍රධාන  පාලම ) (ඡායාරූප  කාංචන කුමාර ආරියදාස )

 

(  එම ප්‍රධාන පිවිසුම් පාලම වර්තමානයේ ජලයෙන් යට වී ඇති අයුරු )

( ලග්ගල පල්ලේගම මහා විද්‍යාලය   එදා පැවති අයුරු සහ වර්තමානයේ ජලයෙන් යටවෙමින් පවතින අයුරු) 

 ( ජලයෙන් යට වී ඇති   ලග්ගල නගරය සහ  ගම්මාන  )

(ඡායාරූප - අමිත් රත්නායකගේ   මුහුණු පොතෙනි) 

 (ඉපැරණි ලග්ගල නගරයේ  ඡායාරූපයකි) 

 


මොරගහකන්ද කළුගඟ ජලාශ  ව්‍යාපෘතියේ  කළුගඟ ජලාශයේ ජලය ජල මට්ටම   ඉහළ යාමත් සමඟ ඓතිහාසික උරුමයන් රැසක්  පවතින  ලග්ගල පල්ලේගම නගරය , ඇතුළු ගම්මාන රැසක් මුළුමනින්ම යට වෙමින් පවතී.


ලග්ගල නගරයේ පිහිටි විහාරස්ථානය , බුදුපිළිම , විහාර මන්දිර, මෙන්ම ඉපැරණි ලග්ගල  පල්ලේගමට පිවිසෙන  ප්‍රධාන  පාලමද  මේ වන විට ජලයෙන් යටවී හමාරය .


ලග්ගල නගරය හරහා නකල්ස් සංරක්ෂිත වනාන්තරයට පිවිසීමට තිබු ප්‍රධාන මාර්ගයද  මේ වන විට මුළුමනින්ම ජලයෙන් යට වී ඇති නිසා මේ දිනයන්හි  නකල්ස් සඳහා පිවිසීමට  වෙනත් මාර්ගයක් සැකසීමේ කටයුතු කඩිනමින් අරඹා ඇති බව  මහවැලි අධිකාරිය පවසයි.


 මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ  කළුගඟ  ජලාශයේ ජල මට්ටම ඉහළ යාමෙන් ඇතැම් ගම්මාන  තිබු තැනක් හෝ සොයාගැනීමට නොහැකි  අයුරින්  ජල මට්ටම අඩි 60 ත් 70ත් අතර  ප්‍රමාණයකින් පිරී ඇතැයි   මහවැලි නිලධාරීන් පවසයි.


මාතලේ දිස්ත්‍රික්කයේ  මැතිවරණ ආසන හතරකින් එක් ආසනයක් බවට පත්ව ඇත්තේ ලග්ගල ආසනයයි. ‘රාවණා රජු‘ දෙවියන් ලෙස  අදහමින් හේන් ගොවිතැනින්  ජීවත්වන  ගැමිනයන්  පිරිසක් ලග්ගල  ජීවත් විම  සුවිශේෂීත්වයකි.


 රාවණා රජු හා බැඳි පවතින ඓතිහාසිකත්වයක් ලග්ගල සතු බව පුරාවෘත්තීන්හිද සඳහන් වෙයි. 


  මේ  අයුරින් යට වු ගම්මානයන්හි ජිවත් වු ජනතාව ලග්ගල කළුඟග  ප්‍රදේශයේ  ‘නව ලග්ගල‘ නමින්  ඉදි කර ඇති ගම්මානයේ   පදිංචි කර ඇති අතර ඉපැරණි ලග්ගල තිබු රාජ්‍ය හා පෞද්ගලික සියළු ආයතනද එම ස්ථානයන්හි ඉදි කිරීමටම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කටයුතු කර තිබේ.


කළුගඟ ජලාශයේ  සියලු ඉදිකිරීම් හා නව නගරයේ සියලු ඉදිකිරීම් ලබන ජනවාරි මස  08  වැනිදාට පෙර නිමකිරීම සඳහා සියලු කටයුතු සුදානමින් පවතින බවද  මහවැලි අධිකාරීය සඳහන් කළේය.

(කාංචන කුමාර ආරියදාස)



අදහස් (2)

උරුමය යටකරගෙන කළුගඟ ජලාශයේ ජල මට්ටම ඉහළ නගී

max -qatar Sunday, 02 December 2018 07:53 AM

මෙම ව්‍යපෘතිය පටන්ගන්න කොටම දන්නවනේ මේ සියල්ල ජලයෙන් යටවන බව... එහෙනම් ඇයි මේ බුදුපිළිම වහන්සේ ජලයෙන් යටවෙන තුරු බලා සිටියේ...? මේ පිළිම වහන්සේ වෙනත් තැනක ස්ථාපිත කරන්න තිබුණානේ...

:       18       529

vipula Monday, 03 December 2018 04:45 AM

බුදු පිළිම පැරණි රජදවස හැදුවා කියමුකෝ... තට්ටු දෙකේ පන්ති කාමරත් හදලනේ...

:       16       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site