IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


උතුරේ හර්තාල්

( රොමේෂ් මධුෂංඛ)

යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා අද (11) උතුරු පළාත පුරා හර් තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර  තිබුණි.

දෙමළ ජාතික සන්ධානය ඇතුලු දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සහ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක් විසින් මෙම හර්තාලය සංවිධානය කොට තිබුණි.

මේ අනුව උතුරේ වව්නියාව , මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්කයන්හි වෙළඳසැල් සියල්ලක්ම වසා වෙළෙඳ සංගම් විසින් හර්තාල් ව්‍යාපාරයට සහයෝගයක් ලබා දී තිබුණි.

ඊට අමතරව උතුරේ පෞද්ගලික බස් සංගම් විසින්ද හර්තාලයට සහය ලබා දෙමින් උතුරු පළාත තුළ ධාවනය වන බස් රථ ගමනාගමනයෙන් වැළකී සිටි අතර උතුරු පලාතෙන් පිටත ධාවනය වන බස් රථ පමණක් ධාවනය කිරීමට පියවර ගෙන තිබුණි.

උතුරේ වෙළඳසැල් සහ බස් ගමනාගමනය නොවීම හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතයට බාධා සිදු වූ අතර බස් රථ ගමනාගමනය නොවීම හේතුවෙන් පාසල් ළමුන්ද පීඩාවන්ට පත් වූහ.

උතුරේ ක්‍රියාත්මක හර්තාලයට සහයෝගය දුන් පිරිස් කියා සිටියේ දෙමළ ජනතාවගේ අයිතියක් වූ යුද සැමරුම් ස්මාරකය ඉවත් කිරීම දැඩි අසාධාරණයක් බැවින් වහාම අදාළ යුද ස්මාරකය නැවත ඉදිකිරීමට බලධාරීන් පියවර ගත යුතු බවටය.
 



අදහස් (4)

උතුරේ හර්තාල්

රිතික් Monday, 11 January 2021 05:41 AM

හර්තාල් ව්‍යාපාරයක් නැතුව අර්තාපල් ව්‍යාපාරයක් කරගෙන පාඩුවේ ඉන්න පුරුදු වෙනවා නම් කොච්චර හොඳද?

:       2       11

mohomed Monday, 11 January 2021 10:00 AM

මුස්ලිම්, දෙමළ පක්ෂ හර්තාලයට සම්බන්ධ වුණා පමණයි. කඩපු ස්මාරකය අලුතින් හදන්න මුල් ගලත් තියලා ඉවරයි. දකුණට, මින් ඉදිරියට ඔය බය තියෙන්න ඕනේ..

:       7       2

වීරවිජේMonday, 11 January 2021 11:01 AM

ඇයි වැඩ අල්ලන්නද?

:       0       3

Bandara Tuesday, 12 January 2021 01:31 AM

හර්තාල් කරගෙන යන්න දෙන්න. බඩගිනි වුණාම හර්තාල් ඉවර වෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 247 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site