IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


උතුරු පළාත් ආණ්ඩුකාර උතුරේ ආගමික නායකයන් බැහැදකී

( රොමේෂ් මධුෂංඛ)


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ගත් හොඳම තීන්දුවක් වශයෙන් ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරධූරයට පත්කිරීම හැඳින්විය හැකි බව යාපනය නාග විහාරධිපති මීගහජදුරේ විමල හිමියෝ පවසති.


උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ආණ්ඩුකාරධූරය භාර ගැනීමෙන් අනතුරුව සර්ව ආගමික නායකයින් හමු වු අවස්ථාවේදී  විහාරාධිපති හිමියෝ මේ බව පවසා ඇත.


පළමුව  උතුරු ආණ්ඩුකාරවරයා යාපනය අගරදගුරුතුමන් හමු වූ අතර එහිදී උතුරු පළාතේ දුප්පත් ජනතාවගේ ප්‍රශ්න ගැටලූ පිළිබඳවද අගරදගුරුතුමන් විසින් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමට කටයුතු කළේය. ඒ පිළිබඳව ඉක්මනින් විසඳුම්  ලබා දෙන  බවද ආණ්ඩුකාරවරයා  ප්‍රකාශ කළේය.


අනතුරුව නල්ලුර් කෝවිල සහ නාගභූෂණී අම්පාල් යන කෝවිල් වල වෙත ගිය ආණ්ඩුකාරතුමා එම කෝවිල්වල විශේෂ පූජාවන්ද පවත්වා ආශිර්වාද ලබා ගත්තේය.


ඉන්පසුව ආණ්ඩුකාවරයා නාග විහාරයේ විහාරාධිපති  මීගහජදුරේ විමල හිමි සහ නාගදීපයේ විහාරාධිපති නමදගල පත්මකිත්ති තිස්ස ස්වාමීන් වහන්සේලා බැහැදැකීමට ගිය අතර ස්වාමීන් වහන්සේ සමඟ විශේෂ සාකච්ඡාවක් කළ අතර එතුමන් පළාතේ ඇති මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම පිළිබඳවද සාකච්ඡා කරන ලදී.


තවද උතුරු පළාත් කේන්ද්‍ර කරගනිමින් කරගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම් නැවැත්වීමට කටයුතු සූදානම් කිරීම මේවන විටත් සිදු කරගෙන යන බවත් පාසල් දරුවන් හා තරුණ පරපුර මෙයින් ගලවා ගැනීමට සියලූ දෙනා නිවැරදි මඟ ගමන් කිරීමට අවශ්‍ය දේශණ, සම්මන්ත්‍රණ පවත්වමින් ජනතාව දැන්වත් කිරීමේ වැඩසටහන් ගම් මට්ටමින්, දිස්ත්‍රික්ක මට්ටමින් හා පාසල් මට්ටමින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරතුමන් පවසා සිටියේය.

 

 



අදහස් (9)

උතුරු පළාත් ආණ්ඩුකාර උතුරේ ආගමික නායකයන් බැහැදකී

upul Wednesday, 16 January 2019 03:42 PM

උතුරේ හොඳ පාලකයෙක් වෙයි.

:       14       14

BamunuarachchiThursday, 17 January 2019 12:58 AM

ඔව් ඔව් උතුරේ පන්සල් ටික ගලවනකම් රටේ සිංහල එජාප බෞද්දයෝ අහක බලාගෙන සිටියොත් මෙයා උතුරට හොඳ පාලකයෙක් වේවි.

:       0       4

Bamunuarachchi Thursday, 17 January 2019 12:51 AM

හාමුදුරුවනේ මොකක්ද මේ අපබ්‍රංස කතාව. මෙයා කියා තිබුනේ උතුරු නැගෙනහිර බෞද්ධ ආගම් නවත්වන්න කියලානේද.

:       0       5

Bamunuarachchi Thursday, 17 January 2019 12:55 AM

මේ ගොයියා පන්සල් ගැන කියපු කතාවට ධාතුකරඬුව නොවෙයි ඔලුවට වැඩම්මවන්න තිබුනේ.

:       0       7

Bamunuarachchi Thursday, 17 January 2019 01:01 AM

"තවද උතුරු පළාත් කේන්ද්‍ර කරගනිමින් කරගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම් නැවැත්වීමට කටයුතු සූදානම් කිරීම මේවන විටත් සිදු කරගෙන යන බවත්" ඇයි පන්සල් ඉඳිකිරීමත් නැවැත්වීමට කටයුතු සූදානම් කරන බවත් ඒ ගැන කතා කරගන්න පැමිණෙන බවත් නේද ප්‍රකාශ කර තිබුනේ. ඒ ගැන කතා කලාද?

:       0       3

Bamunuarachchi Thursday, 17 January 2019 01:06 AM

හැබැයි බෞද්ධ ස්වාමින්වහන්සේ නමක් හමුවන්න පිළිවෙලකට වටිනා වේට්ටියක් ඇඳගෙන ගොස් තිබෙන බව පෙනෙනවා. එයට ස්තූතී!

:       0       0

Bamunuarachchi Thursday, 17 January 2019 01:08 AM

දුගී දුප්පත් ජනතාවගේ ගැටළු මෙයා විසදන්නේ කොහොමද? මේවා බොරු බයිලා නේද?

:       0       0

d.upul Thursday, 17 January 2019 05:08 AM

මෙයා ආපු ගමන් කිව්වේ එහෙට බුදු පිළිම ඕනේ නැහැ කියලා නේද?

:       0       2

Bamunuarachchi Thursday, 17 January 2019 02:48 PM

ලොකු මොල්ගහක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site