IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උඩවලව අලි පැටව් 9ක් මාදුරුඔය වන උද්‍යානයට

වසන්ත චන්ද්‍රපාල 
 
උඩවලව ඇත් ඇතුරු සෙවණේ හැදුනු අලි පැටව් නවදෙනෙකු මාදුරුඔය ජාතික වන උද්‍යානයට මුදා හැරීම අද (30) වනජීවී අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මාදුරුඔය වනජීවී උද්‍යානයේදි  සිදුවිය.

 
වසර හතරක  කාලයක් පමණ ඇත් අතුරු සෙවණේ හැදුනු පිරිමි අලිපැටව් පස් දෙනෙක් සහ ගැහැණු අලි පැටව් 04 දෙනෙක් මෙසේ මුදා හරිනු ලැබුහ.
 
මෙසේ මුදාහරින අලි පැටවුන්ගේ බෙල්ලේ විශේෂ කරපටියක් සවිකර තිබු අතර එමගින් මෙම අලිපැටවා  සැරිසරන දිසාව හඳුනා ගැනීමට එය භාවිතා කරන බව ඇත් අතුරු සෙවණ භාර ප්‍රධාන පශු වෛද්‍ය විජිත පෙරේරා  මහතා පැවසීය.
 
වනයට මුදා හරින මෙම අලි පැයවුන් පිලිබඳව මාස කීහිපයක්  යනතුරු පසු විපරම් කීමටද කටයුතු කරන බව ඔහු  පැවසීය.
 
අලි පැටව් වනයට මුදා හැරීමේ අවස්ථාවට වැඩ බලන වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල් මංජුල අමරරත්න , සෞඛ්‍ය අධ්‍යක්ෂක පශු වෛද්‍ය තාරක ප්‍රසාද් , පශු වෛද්‍ය මාලක කසුන්  අබේවර්ධන , පශු වෛද්‍ය පිනිදිය  අකලංක, පශු වෛද්‍ය දිනුෂාද සිල්වා යන මහත්ම මහත්මීන්ද සහභාගි වුහ.



අදහස් (2)

උඩවලව අලි පැටව් 9ක් මාදුරුඔය වන උද්‍යානයට

Waco Saturday, 31 March 2018 03:46 AM

එක අලි රංචුවකට සිටිය යුත්තේ එක පිරිමි සතෙක් පමණි.

:       20       0

Aluthgama A. Samathasena. Saturday, 31 March 2018 04:03 AM

අලි බැලිල්ලත්, බලි බැලිල්ලත් එපා වෙන්නේ නැත. ඒ තරමටම අලියා සොබා දහමේ අපුරු නිර්මාණයකි. ලොව අන් රටවල අලියාට වඩා අපගේ අලියා ලස්සනය. අලි සම්පත රැක ගැනීම අප සැමගේ යුතුකමකි.

:       1       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site