
(රංජිත් රාජපක්ෂ)
නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියේ පිලී පැනීමට ලක් වූ දුම්රිය මැදිරිය පිලිගත කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රිය අද (18) වටවල සහ ගලබොඩ දුම්රිය ස්ථාන දෙක අතර වේවැල්තලාව 98 සැතපුම් කණුව අසලදී දුම්රිය මැදිරියක් පිලී පැනීමට ලක් වී තිබේ.
දුම්රිය මැදිරිය පිලී පැනීමෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත්, ධාවනය වූ පොඩි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රියන් , විශේෂ දුම්රියත් , දුම්රිය මැදිරිය පිලි පැනීමට ලක් වූ ස්ථානය දක්වා ධාවනය කර මගින් දුම්රියන් අතර මාරු කර සිය ගමනාන්තය දක්වා යැවීමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබිණි.
දුම්රිය මැදිරිය පිලී පැනීමෙන් දුම්රිය මාර්ගයට ද අලාභ හානි සිදු වී ඇත.



2025 ඔක්තෝබර් මස 08
1976
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උඩරට මඟේ දුම්රියක් පිලී පනී
wedage Wednesday, 19 August 2020 04:50 AM
මගීන් හුවමාරු කර ගමන් පහසුව සලසාදීම ඉතාමත් අගය කළ යුතු දෙයක්...
janahitha Wednesday, 19 August 2020 09:26 AM
ඉතාම ඉහළ මට්ටමින් දුම්රිය මාර්ග මැදිරි නඩත්තු කිරීම සහ ඒ මගින් පීලි පැනීම ගැන අපගේ ප්‍රණාමය...
බද්රානි Wednesday, 19 August 2020 01:25 PM
මේ වගේ ලදරන් ඩක්කුවක්වත් පීල්ලක් මත දුවාගන්න බැරි දුම්රිය දෙපාර්තමේන්තුවක්ද අපට තියෙන්නේ? පඩිය විතරක් වැඩිකර ගන්න වර්ජනය කරන දුම්රිය රියදුරු යයි කියා ගන්නා පිරිසක් සිටින, සුද්දෝ හදාපු රේල් පාරට ප්ලාස්ටර් අලවන එකනේ අපේ දුම්රිය දෙපාර්තමේන්තුව කරන්නේ.