IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


උඩරට දුම්රිය ධාවනය හැටන්වලට සීමා වේ

(රංජිත් රාජපක්ෂ)

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර අඩි හැටේ පාලම අසලදී පීලි පැන ඇති රාති‍්‍ර තැපැල් දුම්රියේ මැදිරි හතරක් පීලිපැනීම හේතුවෙන් දිනපතා රාති‍්‍ර තැපැල් දුම්රියට අමතරව මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වන භාණ්ඩ ප‍්‍රවහාන දුම්රිය වාර කිහිපයක්ද අත්හිට වු බව දුම්රිය පාලක මැදිරි ආරංචි මාර්ග පවසයි.

වසර 150 කට වඩා ඉපැරණි දුම්රිය පාලමට දැඩි අලාභ හානි සිදුවී තිබේ.  නාවලපිටිය බදුල්ල යන දුම්රිය ස්ථානවල නඩත්තු අංශවල සේවකයින් 100කගේ පමණ සේවාව මෙම දුම්රිය මැදිරි පීලිගත කිරිම, දුම්රිය මාර්ගය අලුත්වැඩියාව , දුම්රිය පාලම අලුත්වැඩියාව සඳහා යොදවා තිබේ.

පිලි පැන ඇති දුම්රිය මැදිරි පිලිගත කළත් අනතුරෙන් විශාල හානි සිදුවී ඇති දුම්රිය පාලම යථාතත්ත්වයට පත් කිරිමට දිගු කාලයක් ගත වන බව  දුම්රිය ඉංජිනේරුවරු පවසති.

එම පාලම ඉදිකර ඇති යකඩ කොටස් දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව නොමැති නිසා පාලම යළි ප‍්‍රතිසංස්කරණය කිරිමට  කල් ගත වන බව පවසයි.

මෙම දුම්රිය මාර්ගය යථාතත්වයට පත් කරන තෙක් උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ විශේෂ දුම්රිය කොළඹ කොටුවේ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වාත් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන එම දුම්රියන් කොටගල දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය කර එතැන් සිට ලංගම බස් රථ වලින් එම දුම්රියන්ට මගින් හුවමාරු කිරිමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කරන බව පවසයි.

 



අදහස් (10)

උඩරට දුම්රිය ධාවනය හැටන්වලට සීමා වේ

sam Friday, 14 July 2017 08:31 AM

තනිකරම වෑද්දුම් සහ රිවට් මගින් තනා ඇති මේ පාලම ඔක්සි ඇසිටලීන් වලින් කරන පින්තූරයක් දැකීමට තරම් මාගේ දෑස් අවාසනාවන්ත වුණා...

:       1       14

senaFriday, 14 July 2017 09:59 AM

සෑම් මහත්තයා, පරණ තාලේ මෙකනිකල් ඉන්ජිනියර් කෙනෙක් වගෙයි මට නම් පේන්නේ...

:       3       20

samFriday, 14 July 2017 09:30 PM

සේන මහත්මයා, වසර එකසිය පනහක් පරණ, ඒ නමුත් තවත් අනාදිමත් කාලයක් නිරුපද්‍රිතව භාවිතා කළහැකි මෙවැනි පාලමක් ගෑස් කටර් වලින් කැපීමෙන් (පින්තුරේ බැලුවම පැහැදිලිවම පේනවා) මෙපමණ කාලයක් තිබුණු ශක්තිමත්කම සහ පෞරාණික කම දෙකම විනාශ වෙනවා. මේවා හදපු කාලේ ගෑස් වෙල්ඩින් සොයාගෙනවත් තිබුනේ නැහැ.

:       0       9

wedage Friday, 14 July 2017 08:34 AM

අවශ්‍ය කරන යකඩ කොටස් ගෙන්වන තුරු තාවකාලික අලුත්වැඩියාවක් සඳහා මේ රටේ දැනට තියෙන යකඩ කොටස් බාවිතා කොට පාලම අලුත්වැඩියා කිරීමට ශක්තිය ධෛර්යය අපේ ඉංජිනේරුවරුන්ට ලැබේවා !!!

:       3       1

arschloch Friday, 14 July 2017 10:04 AM

වෙදගේ, මම නම් කියන්නේ ඔයා කියන විදිහට නෙවෙයි. මෙහෙ ඉන්න සමහරක් ඉංජිනේරුවරු නියම සුදුසුකම් ලැබූ අය නෙවෙයි.

:       3       6

upali Friday, 14 July 2017 10:09 AM

මේවා ප්‍රතිසංස්කරණයේ දුර්වලතා තමයි. මේක ලංකානු ක්‍රමය කිව්වට වරදක් නැහැ.

:       0       0

ranjan Friday, 14 July 2017 10:55 AM

දුම්රිය නඩත් තුවට දහසක් දේ කලුතුව තිබෙනවා... නමුත් ඒ කිසිවක් නොකර මැති ඇමතිවරුන්ට වාහන ගෙන්වීම ඉතාම වැදගත් වීම ගැන කාට කියන්නද මේ සේවකයන්ට හරි හැටි සපත්තු දෙකක් නැහැ ඇදගෙන වැඩ කරන්න

:       0       9

ගිහාන්Sunday, 16 July 2017 01:12 AM

පාලම හදා ඉවර වුණාම කලිසම ගලවගන්නේ නැති වුනොත් ඒකත් ලොකු දෙයක් මේ දවස් වල....

:       0       1

Anton Austria Saturday, 15 July 2017 11:03 AM

සුද්දා හදලාගිය දුම්රිය පාරත් තවම අළුත්වැඩියා කරන්න බැහැ. ඒත් අපේ සමහර අය සුද්දට බනිනවා මොකද කළේ කියලා.

:       1       4

Susil Sunday, 16 July 2017 05:19 PM

අනතුර ගැන පුදුමයකුත් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 10 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site